Last Update  :  2025-01-09 19:46:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ශා.සෙබස්තියන් - කිරිඳිවැල අවසන් තරගය හෙට

ශා.සෙබස්තියන් - කිරිඳිවැල අවසන් තරගය හෙට

සංජය එරමුදුගොඩ - 2018 සැප් මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහල් ‘බී’ කණ්ඩායම සහ කිරිඳිවැල මැදි විදුහල අතර පැවැත්වෙන අන්තර් පාසල් වයස 15 න් පහළ ‘සිංගර් කුසලාන’ සීමිත ඕවර ක්‍රිකට් තරගාවලියේ II වැනි කාණ්ඩයේ අවසන් මහ තරගය හෙට (23 වැනිදා) කොළඹ රාජකීය විදුහල් ක්‍රීඩාංගණ්යේදී පැවැත්වේ.

අවසන් මහ තරගයේදී කිරිඳිවැල මැදි විදුහල් කණ්ඩායමේ නායකයා ලෙස රවිෂ්ක චමත්ද, ශාන්ත සෙබස්තියන් විදුහල් ‘බී’ කණ්ඩායම නායකයා ලෙස තිහයිෂ මෙන්ඩිස්ද කටයුතු කරති.

මොරටුව වේල්ස් කුමර විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති පළමු අවසන් පූර්ව තරගයේදී ජා ඇල ක්‍රිස්තු රාජ විදුහලට එරෙහිව පළමු ඉනිමේ ජයක් අත්කර ගනිමින් කිරිඳිවැල මැදි විදුහල අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේය. එහිදී කිරිඳිවැල මැදි විදුහලේ දුවිඳු නිෂාන් (නොදැවී 100) ශතකයක් ලබාගනිමින් සහ ලකුණු 19 කට කඩුලු 4 ක් දවාගනිමින් පිත්තෙන් මෙන්ම පන්දුවෙන්ද එකසේ දස්කම් දැක්වීය.

ශාන්ත සෙබස්තියන් විදුහල් ‘බී’ කණ්ඩායම අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේ මීගමුව මාරිස්ටෙලා විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති දෙවැනි අවසන් පූර්ව තරගයේදී පොල්ගහවෙල ශාන්ත බර්නඩෙත් විදුහලට එරෙහිව පළමු ඉනිමේ ජයක් අත්කර ගනිමිනි. එහිදී ශාන්ත සෙබස්තියන් ‘බී’ කණ්ඩායමේ ක්‍රිෂේන් බණ්ඩාර (50) සහ නිෂේන් ප්‍රනාන්දු (85) අර්ධ ශතක ලබාගැනීමට සමත් වූහ.


පළමු අවසන් පූර්ව තරගය
ශාන්ත බර්නඩෙත් විදුහල - ඕවර 52.3 කදී කඩුලු 7 ක් දැවී 154
(චාරුක හේරත් 40, චමත් හෙට්ටිආරච්චි 31, රිෂී සරෝෂ් 29, උදුල රණසිංහ 21, ක්‍රිෂේන් බණ්ඩාර 29/3, යෙනුල් හේමචන්ද්‍ර 36/2)
ශාන්ත සෙබස්තියන් විදුහල් ‘බී’ කණ්ඩායම - ඕවර 63 කදී කඩුලු 9 ක් දැවී 216
(ක්‍රිෂේන් බණ්ඩාර 50, නිෂේන් ප්‍රනාන්දු 85, දිලුක්ෂාන් ප්‍රනාන්දු 20, රිෂී සරෝෂ් 32/4)


දෙවැනි අවසන් පූර්ව තරගය
ක්‍රිස්තු රාජ විදුහල - ඕවර 23.3 කදී සියලු දෙනා දැවී 89
(ශිරාන් ජයසිරි 19, දුවිඳු නිෂාන් 19/4, පවන් මනීෂ 38/4)
කිරිඳිවැල මැදි විදුහල - ඕවර 36.3 කදී කඩුලු 5 ක් දැවී 190
(දුවිඳු නිෂාන් නොදැවී 100, රෂ්මික චමත් 29, ක්‍රිෂාන් රාජ්කුමාර 42/5)

 


අදහස් (0)

ශා.සෙබස්තියන් - කිරිඳිවැල අවසන් තරගය හෙට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.