Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ පෙර අර්ධ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබාගැනීමට මොරටුව ශාන්ත සෙබස්තියන් විද්‍යාලය අද (4 වැනිදා) සමත්විය.
මොරටුව ශාන්ත සෙබස්තියන් විද්‍යාලීය ක්‍රීඩාංගණයේදී පැවැති පෙර අර්ධ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබාගැනීමේ තරගයකදී කැළණිය ගුරුකුල විද්‍යාලයට එරෙහිව කඩුලු 7 ක ජයක් ලබාගැනීමට ශාන්ත සෙබස්තියන් විද්‍යාලය සමත්විය.
ප්‍රවීන් කුරේ කඩුලු 3 ක් ද කළණ සංදීප සහ ටෂික් පෙරේරා කඩුලු 2 බැගින් දවාගනිමින් කැළණිය ගුරුකුල විද්‍යාලය අඩු ලකුණු සංඛ්‍යාවකට සීමාකිරීමට සමත්විය.
ගුරුකුල විද්‍යාලය - ඕවර 22.2 කදී සියලුදෙනා දැවී ලකුණු 77
(ප්‍රවීන් කුරේ 14/3, කළණ සංදීප 04/2, ටෂික් පෙරේරා 19/2)
ශා.සෙබස්තියන් විද්‍යාලය - ඕවර 25 කදී කඩුලු 3 ක් දැවී ලකුණු 79
(දුනිත් ජයතුංග නොදැවී 36, එරංග මෙන්ඩිස් නොදැවී 27, දිල්ෂාන් තාරක 15/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.