Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ කුලීගොඩ මාදම්පා මැදි විදුහල සහ නුගේගොඩ ශාන්ත ජෝන් විදුහල අතර මාදම්පා මැදි විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති III කොටසේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් වාර්තා කිරීමට ශාන්ත ජෝන් විදුහල සමත් විය.
එහිදී මාදම්පා මැදි විදුහල වෙනුවෙන් කවිඳු විඳුරංගන (123) ශතකයක් ලබාගත් අතර ශාන්ත ජෝන් විදුහල වෙනුවෙන් සංජය සෙල්වකුමාර (86) සහ පසිඳු ජයවර්ධන (51) අර්ධ ශතක ලබාගත්හ.
මාදම්පා මැදි විදුහලේ සසිඳු නිමේෂ් ලකුණු 110 කට කඩුලු 9 ක්ද, ශාන්ත ජෝන් විදුහලේ ප්‍රසංග අරුණශාන්ත ලකුණු 114 කට කඩුලු 9 ක්ද දවාගනිමින් දක්ෂ පන්දු යැවීමක නිරත වූහ.
මාදම්පා මැදි විදුහල් පළමු ඉනිම - ඕවර 59.3 කදී සියලු දෙනා දැවී 207
(කවිඳු විඳුරංගන 43, සසිඳු නිමේෂ් 41, කාවින්ද්‍ය සුරේෂන 29, චමෝද් දිල්හාර 28, මල්ෂ තරුපති 27, සංදීප මෙන්ඩිස් 40/4, ප්‍රසංග අරුණශාන්ත 55/3, දෙව්මිණ ඒකානායක 31/2)
ශාන්ත ජෝන් විදුහල් පළමු ඉනිම - ඕවර 44.3 කදී සියලු දෙනා දැවී 212
(සංජය සෙල්වකුමාර 86, රමෝෂ් සමරවික්‍රම 23, ප්‍රසංග අරුණශාන්ත 22, සසිඳු නිමේෂ් 48/6, චමෝද් කේෂාන් 31/3)
මාදම්පා මැදි විදුහල් දෙවැනි ඉනිම - ඕවර 43.3 කදී සියලු දෙනා දැවී 188
(කවිඳු විඳුරංගන 123, ප්‍රසංග අරුණශාන්ත 59/6, ධනුෂ්ක මෝසස් 29/2, සංදීප මෙන්ඩිස් 60/2)
ශාන්ත ජෝන් විදුහල් දෙවැනි ඉනිම - ඕවර 44 කදී කඩුලු 8 ක් දැවී 121
(පසිඳු ජයවර්ධන 51, ෂෙනාල් වරාවිට 23, මල්ෂ තරුපති 36/3, සසිඳු නිමේෂ් 62/3)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.