Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
යාපනය ශාන්ත ජෝන් විදුහල සහ යාපනය මැදි විදුහල අතර ශාන්ත ජෝන් විදුහල් ක්රීඩාංගණයේදී අද (16 වැනිදා) පැවැති 17 වැනි වාර්ෂික සීමිත ඕවර ක්රිකට් තරගයෙන් කඩුලු 2 ක ජයක් වාර්තා කිරීමට ශාන්ත ජෝන් විදුහල සමත් විය.
ජයග්රහණය සඳහා ලකුණු 222 ක ඉලක්කයක් හඹාගිය ශාන්ත ජෝන් විදුහල පන්දු 12 ක් ඉතිරිව තිබියදී කඩුලු 8 ක් දැවී එම ඉලක්කය සපුරාගත්තේය. එහිදී ඒ. සුකේතන් (61) සහ එම්. අබිනාෂ් (53) අර්ධ ශතක ලබාගනිමින් සිය කණ්ඩායම ජයග්රහණය කරා ගෙන ගියේය.
කසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් යාපනය මැදි විදුහල ඕවර 46 ක් අවසානයේ ලකුණු 221 කට සීමා කිරීමට ශාන්ත ජෝන් විදුහල් පන්දුයවන්නෝ සමත් වූහ. එහිදී දක්ෂ පන්දු යැවීමක නිරත වූ ඇන්ටන් අභිෂේක් ලකුණු 37 කට කඩුලු 4 ක් දවාගැනීමට සමත් විය.
යාපනය මැදි විදුහල - ඕවර 46 කදී සියලු දෙනා දැවී 221
(එස්. සරන්කන් 36, ඒ. නිතුෂාන් 32, බී. කුජසතුස් 26, බී. ඉන්තූජන් 22, රාජ් ක්ලින්ටන් 20, ඇන්ටන් අභිෂේක් 37/4, අන්ටන් සරාන් 21/2)
ශාන්ත ජෝන් විදුහල - ඕවර 48 කදී කඩුලු 8 ක් දැවී 222
(ඒ. සුකේතන් 61, එම්. අබිනාෂ් 53, ටී. දිනෝෂාන් නොදැවී 24, කේ. තරිෂාන් 23, එස්. මතුසාන් 24/3, ටී. විතුෂාන් 32/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.