Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
යාපනය මැදි විදුහල සහ යාපනය ශාන්ත ජෝන් විදුහල අතර යාපනය මැදි විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන 118 වැනි ‘උතුරු සටන’ වාර්ෂික මහ ක්‍රිකට් තරගයේ පළමු දිනය වූ අද (6 වැනිදා) ක්‍රීඩාව නතර කරන විට පන්දුවට පහර දෙමින් සිටි ශාන්ත ජෝන් විදුහල සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 3 ක් දැවී ලකුණු 104 ක් ලබා සිටියේය.
පළමු දිනය අවසානයේ ශාන්ත ජෝන් ක්‍රීඩකයෝ කඩුලු 7 ක් ඇතැතිව යාපනය මැදි විදුහල් කණ්ඩායමට වඩා ලකුණු 27 ක් පසුපසින් සිටියේය. ඒ වන විට රාමන් අනුෂාන්ත් හයේ පහර 2 ක් සහ හතරේ පහර 6 ක් සමග නොදැවී ලකුණු 49 ක්ද, ජේචන්ද්‍රන් අෂාන්ත් හයේ පහරක් සහ හතරේ පහර 3 ක් සමග නොදැවී 29 ක්ද ලබා සිටියහ.
කාසියේ වාසිය දිනූ ශාන්ත ජෝන් විදුහල් කණ්ඩායමේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් යාපනය මැදි විදුහල් කණ්ඩායමට ජේචන්ද්‍රන් අෂාන්ත් ප්‍රමුඛ ශාන්ත ජෝන් පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 131 ක් පමණි.
එහිදී අගනා පන්දු යැවීමක නිරත වූ ජේචන්ද්‍රන් අෂාන්ත් ලකුණු 38 කට කඩුලු 5 ක් බිඳහෙළමින් යාපනය මැදි විදුහල් ඉනිම අඩ පණ කළ අතර ඒ සඳහා ඔහුට අනගි සහායක් දුන් මර්ෆින් රැන්ඩියෝ සහ කුගතාස් මුතුලන් කඩුලු 2 බැගින් දවාගත්හ. ශාන්ත ජෝන් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ ඇන්ටන්රෙෂාන් අභිෂේක් ලකුණු 27 ක් රැස්කළේ හයේ පහරක් සහ හතරේ පහර 3 ක් සමගිනි.
යාපනය මැදි විදුහල් පළමු ඉනිම - ඕවර 57.2 කදී සියලු දෙනා දැවී 131
(රංජිත් කුමාර් නිව්ටන් 24, සත්කුමාර් සිමිල්ටන් 24, ඇන්ටන්රෙෂාන් අභිෂේක් 27, ජේචන්ද්‍රන් අෂාන්ත් 38/5, මර්ෆින් රැන්ඩියෝ 25/2, කුගතාස් මුතුලන් 27/2)
යාපනය ශාන්ත ජෝන් පළමු ඉනිම - ඕවර 32 කදී කඩුලු 3 ක් දැවී 104
(රාමන් අනුෂාන්ත් නොදැවී 49, මර්ෆින් රැන්ඩියෝ 20, ජේචන්ද්‍රන් අෂාන්ත් නොදැවී 29, රංජිත් කුමාර් නිව්ටන් 38/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.