Last Update  :  2025-01-15 20:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ශාන්ත ජෝශප් ක්‍රීඩකයෝ පළමු දිනයේ වාසිය ගනිති

ශාන්ත ජෝශප් ක්‍රීඩකයෝ පළමු දිනයේ වාසිය ගනිති

සංජය එරමුදුගොඩ - 2019 මාර් මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මරදාන ශාන්ත ජෝශප් විදුහල සහ බම්බලපිටිය ශාන්ත පීතර විදුහල අතර පී. සරවනමුත්තු ක්‍රීඩාංගණයේදී අද (01) ආරම්භ වූ 85 වැනි ‘ශාන්තුවරයන්ගේ සංග්‍රාමය’ වාර්ෂික මහ ක්‍රිකට් තරගයේ පළමු දිනයේ ක්‍රීඩාව අවසන් කරන විට ශාන්ත ජෝශප් විදුහල පළමු ඉනිම වෙනුවෙන් කඩුලු තුනක් දැවී ලකුණු 189 ක් රැස්කර ප්‍රබල තත්වයක පසුවිය.

ශාන්ත ජෝශප් විදුහල පළමු දිනය අවසන් වන විට කඩුලු හතක් අතැතිව ලකුණු 30 ක් පමණක් පිටුපසින් සිටියේය. 
දිනෙත් ජයකොඩි (නොදැවී 62) සහ දිලේෂ් පෙරේරා (නොදැවී 37) දිනය අවසන් වන විට පන්දුවට පහර දෙමින් සිටියහ.

දිනෙත් ජයකොඩි අනගි ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 85 කදී හතරේ පහර හයක් සහ හයේ පහර දෙකක් සමගින් ලකුණු 62 ක් ලබාසිටියේය.

ශාන්ත ජෝශප් විදුහල් ආරම්භක පිතිකරුවෝ වේගවත් ආරම්භයක් ලබාගනිමින් සටනට අවතීර්ණ වූහ.
ජොහෑන් ද සිල්වා වේගවත් ඉනිමක් දිත් කරමින් පන්දු 56 කදී හතරේ පහර හතරක් සහ හයේ පහරක් සමගින් ලකුණු 45 ක් රැස්කිරීමට සමත් විය.

පළමුව පන්දුවට පහර දුන් ශාන්ත පීතර විදුහල පළමු ඉනිමේ ඕවර 60 දී සියලු දෙනා දැවී ලකුණු 219 ක් රැස් කළේය.

ශාන්ත පීතර විදුහල් හිටපු නායක සන්තුෂ් ගුණතිලක පන්දු 105 කදී හතරේ පහර හයක් සමගින් ලකුණු 72 ක් රැස්කිරීමට සමත් විය.

ශාන්ත ජෝශප් විදුහල් නායක පිට දඟ පන්දු යවන අෂේන් ඩැනියල් කඩුලු තුනක් දවාගත්තේය.

 

ශාන්ත පීතර විදුහල පළමු ඉනිම ඕවර 60 කදී සියලු දෙනා දැවී 219
(සන්තුෂ් ගුණතිලක 72, දිනිත් අංජුල 41, රන්මිත් ජයසේන 21, නිපුනක ෆොන්සේකා 21, වනුජ සහන් 26, අෂේන් ඩැනියල් 58/3, ලක්‍ෂාන් ගමගේ 38/2, ශාලින්ද සෙනෙවිරත්න 43/2)

ශාන්ත ජෝශප් විදුහල පළමු ඉනිම ඕවර 44 කදී කඩුලු 3 ට 189
(ජොහෑන් ද සිල්වා 45, ෂැරන් ෆොන්සේකා 37, දිනෙත් ජයකොඩි නොදැවී 62, දිලේෂ් පෙරේරා නොදැවී 37, කනිෂ්ක මධුවන්ත 51/2)  


අදහස් (0)

ශාන්ත ජෝශප් ක්‍රීඩකයෝ පළමු දිනයේ වාසිය ගනිති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.