Last Update  :  2025-01-25 18:14:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ශාන්ත ජෝෂප් වාස් විදුහලට කඩුලු 8 ක ජයක්

ශාන්ත ජෝෂප් වාස් විදුහලට කඩුලු 8 ක ජයක්

සංජය එරමුදුගොඩ - 2019 මාර් මස 03 224 Views 0 Comment
A A A

හලාවත ශාන්ත මරියා විදුහල සහ වෙන්නප්පුව ශාන්ත ජෝෂප් වාස් විදුහල අතර කටුනේරිය ශාන්ත සෙබස්තියන් විදුහල් ක්‍රීඩාංගණයේදී 10 වැනි වරටත් පැවැති වාර්ෂික මහා ක්‍රිකට් තරගයෙන් කඩුලු 8 ක පහසු ජයක් වාර්තා කිරීමට ශාන්ත ජෝෂප් වාස් විදුහල සමත් විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 57 ක ඉලක්කයක් හඹාගිය ශාන්ත ජෝෂප් වාස් ක්‍රීඩකයෝ ඕවර 12.4 ක් අවසානයේ කඩුලු 2 ක් පමණක් දැවී එම ඉලක්කය සපුරා ගත්හ. එහිදී දක්ෂ පිතිහරඹයක නිතර වූ සොහාන් අනුරුද්ධ නොදැවී ලකුණු 46 ක් රැස්කරමින් ජෝෂප් වාස් විදුහල ජයග්‍රහණය කරා ගෙන ගියේය.

ශාන්ත මරියා විදුහල් ඉනිම් දෙකෙම අඩු ලකුණු සංඛ්‍යාවන්ට සීමා කිරීම සඳහා පුරෝගාමී වූ කනිෂ්ක ගමගේ ඉනිමකදී කඩුලු 3 බැගින් ඉනිම් දෙකේදීම ලකුණු 47 කට කඩුලු 6 ක් දවාගත්තේය.


ශාන්ත මරියා විදුහල් පළමු ඉනිම - ඕවර 44.5 කදී සියලු දෙනා දැවී 102
(උදිත් විදුෂික 38, ශෂික දිල්ෂාන් 26, කනිෂ්ක ගමගේ 19/3, අවිඳු ෂෙහාර 30/2)

ශාන්ත ජෝෂප් වාස් විදුහල් පළමු ඉනිම - ඕවර 28 කදී සියලු දෙනා දැවී 114
(දිහාන් පතිරණ 41, ඔනෙල් ඉලංගසේකර 26, ඇන්ඩ්‍රි මල්ෂාන් 20/3, චාරුක තරිඳු 45/3, උදිත් හිරුෂික 20/3)

ශාන්ත මරියා විදුහල් පළමු ඉනිම - ඕවර 31 කදී සියලු දෙනා දැවී 68
(චාරුක තරිඳු 24, නිපුන ධනංජය 14/3, කනිෂ්ක ගමගේ 28/3, දනුක නිර්මාල් 07/2)

ශාන්ත ජෝෂප් වාස් විදුහල් පළමු ඉනිම - ඕවර 12.4 කදී කඩුලු 2 ක් දැවී 57
(සොහාන් අනුරුද්ධික නොදැවී 46)


- 036

 


අදහස් (0)

ශාන්ත ජෝෂප් වාස් විදුහලට කඩුලු 8 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.