Last Update  :  2025-03-31 21:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ශාන්ත පැට්‍රික් විදුහල ලකුණු 103 ක් පසුපසින්
108 වැනි උතුරු රන් හටන

ශාන්ත පැට්‍රික් විදුහල ලකුණු 103 ක් පසුපසින්

editorial - 2025 මාර් මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

වඩුක්කෝඩිහි යාපනය විදුහල සහ යාපනය ශාන්ත පැට්‍රික් විදුහල අතර ශාන්ත පැට්‍රික් විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන 108 වැනි ‘උතුරු රන් සටන’ වාර්ෂික මහ ක්‍රිකට් තරගයේ පළමු දිනය වූ අද (6 වැනිදා) ක්‍රීඩාව නතර කරන විට පන්දුවට පහර දෙමින් සිටි ශාන්ත පැට්‍රික් විදුහල සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 2 ක් දැවී ලකුණු 50 ක් ලබා සිටියේය.  

පළමු දිනය අවසානයේ ශාන්ත පැට්‍රික් ක්‍රීඩකයෝ කඩුලු 8 ක් ඇතැතිව යාපනය මැදි විදුහල් කණ්ඩායමට වඩා ලකුණු 103 ක් පසුපසින් සිටියේය. ඒ වන විට ස්ටෙෆ් ආදිත්‍ය හතරේ පහර 3 ක් සමග නොදැවී ලකුණු 21 ක්ද, ඩේවිඩ් අබිලාෂ් හතරේ පහර 2 ක් සමග නොදැවී ලකුණු 14 ක්ද ලබා සිටියහ. 

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් යාපනය විදුහල් කණ්ඩායමට විජයකුමාර් ඉවෝන් ප්‍රමුඛ ශාන්ත පැට්‍රික් විදුහල් පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 153 ක් පමණි. ශාන්ත පැට්‍රික් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ ආර්. ජොන්සන් ලකුණු 61 ක් රැස්කළේ හතරේ පහර 6 ක් සමගිනි.
 
එහිදී අගනා පන්දු යැවීමක නිරත වූ විජයකුමාර් ඉවෝන් ලකුණු 17 කට කඩුලු 3 ක් බිඳහෙළමින් යාපනය විදුහල් ඉනිම අඩ පණ කළ අතර ඒ සඳහා ඔහුට අනගි සහායක් දුන් ප්‍රේමනායකම් මතුෂාන්, විමලතාස් ප්‍රියන්කන් සහ කමනතාසන් සරුෂාන් කඩුලු 2 බැගින් දවාගත්හ. 


යාපනය විදුහල් පළමු ඉනිම - ඕවර 28.2 කදී සියලු දෙනා දැවී 153  
(ආර්. ජොන්සන් 61, වී. විෂ්නුගෝබන් 30, එස්. කබිෂාන් 14, විජයකුමාර් ඉවෝන් 17/3, ප්‍රේමනායකම් මතුෂාන් 17/2, විමලතාස් ප්‍රියන්කන් 21/2, කමනතාසන් සරුෂාන් 41/2) 

යාපනය ශාන්ත පැට්‍රික් පළමු ඉනිම - ඕවර 19 කදී කඩුලු 2 ක් දැවී 50 
(ස්ටෙෆ් ආදිත්‍ය නොදැවී 21, ඩේවිඩ් අබිලාෂ් නොදැවී 14) 


අදහස් (0)

ශාන්ත පැට්‍රික් විදුහල ලකුණු 103 ක් පසුපසින්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.