Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ මාතර ශාන්ත සර්වේෂස් විදුහල සහ කැලණිය ගුරුකුල විදුහල අතර මාතර උයන්වත්ත ක්‍රීඩාංගණයේදී පැවැති I කොටසේ තරගයෙන් ලකුණු 268 ක දැවැන්ත ජයක් වාර්තා කිරීමට ශාන්ත සර්වේෂස් විදුහල සමත් විය.
එහිදී ශාන්ත සර්වේෂස් විදුහලේ ශෂික දුල්ෂාන් ලකුණු 99 ක් රැස්කරමින් සහ ලකුණු 32 කට කඩුලු 3 ක් දවාගනිමින් පිත්තෙන් මෙන්ම පන්දුවෙන්ද දස්කම් දැක්වීය. දක්ෂ පන්දු යැවීමක නිතර වූ එම විදුහලේම චරිත් හර්ෂන ලකුණු 37 කට කඩුලු 7 ක් දවාගත්තේය.
ශාන්ත සර්වේෂස් විදුහල් පළමු ඉනිම - ඕවර 64.5 කදී සියලු දෙනා දැවී 206
(ශෂික දුල්ෂාන් 99, රිසිර ලක්වින් 38, චරිත් හර්ෂන 26, ලික්ෂාන් සසංග 27/4, ප්‍රවීන් නිමේෂ් 23/2, රිසිත සංකල්ප 52/2)
ගුරුකුල විදුහල් පළමු ඉනිම - ඕවර 14.3 කදී සියලු දෙනා දැවී 30
(චරිත් හර්ෂන 13/5, පසිඳු මනුප්‍රිය 13/4)
ශාන්ත සර්වේෂස් විදුහල දෙවැනි ඉනිම - ඕවර 57.2 කදී සියලු දෙනා දැවී 179
(කේෂර නිමන්ත 51, පුෂ්පිත දිල්ෂාන් 27, ශෂික දුල්ෂාන් 22, චේතක දෙනුවන් 20, ලික්ෂාන් සසංග 36/5, සචින්ත චමිත් 32/3)
ගුරුකුල විදුහල් දෙවැනි ඉනිම - ඕවර 30 කදී සියලු දෙනා දැවී 87
(දිනිත් චාමර 30, තේමිර නයනතරු 27, ශෂික දුල්ෂාන් 32/3, කේෂර නුවන්ත 05/2, චරිත් හර්ෂන 24/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.