Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහල සහ ගාල්ල ශාන්ත ඇලවීෂියස් විදුහල අතර ශාන්ත සෙබස්තියන් විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති I කොටසේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් වාර්තා කිරීමට ශාන්ත සෙබස්තියන් විදුහල සමත් විය.
එහිදී ශාන්ත සෙබස්තියන් විදුහලේ නුවනිඳු ප්‍රනාන්දු (83) සහ ජනිෂ්ක පෙරේරා (77) අර්ධ ශතක ලබාගත් අතර එම විදුහලේම විනුජ රණසිංහ ලකුණු 102 කට කඩුලු 8 ක් දවාගනිමින් දක්ෂ පන්දු යැවීමක නිරත විය.
ශාන්ත ඇලවීෂියස් විදුහල් පළමු ඉනිම - ඕවර 66.3 කදී සියලු දෙනා දැවී 186
(ගිම්හාන ආශිර්වාද 47, මනුෂ්ක සමිත් 42, රවිඳු කාංචන 31, විනුජ රණසිංහ 36/3, ටෂික් පෙරේරා 29/2, කළණ සංදීප 31/2, නුවනිඳු ප්‍රනාන්දු 44/2)
ශාන්ත සෙබස්තියන් විදුහල් පළමු ඉනිම - ඕවර 54.1 කදී කඩුලු 9 ක් දැවී 284
(නුවනිඳු ප්‍රනාන්දු 83, ජනිෂ්ක පෙරේරා 77, විනුජ රණසිංහ 40, සුකිත ප්‍රසන්න 24, නිදුක මල්සිත් 53/5, නිදුක් අභිෂේක් 58/2, කවිඳු දිල්හාර 59/2)
ශාන්ත ඇලවීෂියස් විදුහල් දෙවැනි ඉනිම - ඕවර 66.3 කදී සියලු දෙනා දැවී 194
(මනුෂ්ක සමිත් 42, චතුර ප්‍රභාෂ් නොදැවී 23, රවිඳු කාංචන 23, ගිම්හාන අරවින්ද 22, විනුජ රණසිංහ 66/5, නදීර ප්‍රනාන්දු 16/2, කළණ සංදීප 51/2)
ශාන්ත සෙබස්තියන් විදුහල් දෙවැනි ඉනිම - ඕවර 2 කදී කිසිවකු නොදැවී 07
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.