Last Update  :  2025-01-15 20:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ශාන්තුවරයන්ගේ සටන 1 - 2

ශාන්තුවරයන්ගේ සටන 1 - 2

Nisanka Sandeepani - 2019 පෙබ මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


මරදාන ශාන්ත ජෝශප් විදුහල සහ බම්බලපිටිය ශාන්ත පීතර විදුහල අතර ‘ශාන්තුවරයන්ගේ සංග්‍රාමය’ 85 වැනි වාර්ෂික මහ ක්‍රිකට් තරගය මාර්තු මස 1 සහ 2 දෙදින පී. සරවනමුත්තු ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. මෙම තරගය ‘මොරිස් ජේ. ලෙගෝ පියතුමන්’ කුසලාන සඳහා පැවැත්වේ. 

දෙවිදුහල් අතර මේ දක්වා පැවැති මහා ක්‍රිකට් තරග 84 දී ශාන්ත ජෝශප් විදුහල තරග 12 ක් ද, ශාන්ත පීතර විදුහල තරග 10 ක් ද, ජය ලබා තිබේ. ශාන්ත ජෝශප් විදුහල අවසන් වරට 2008 වසරේ රුවන්ත ප්‍රනාන්දුපුල්ලේගේ නායකත්වයෙන් ද, ශාන්ත පීතර විදුහල අවසන් වරට 2016 වසරේ විනූ මොහොට්ටිගේ නායකත්වයෙන් ද, ජය ලබා සිටියි.

ශ්‍රී ලංකා හිටපු සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක චමින්ද වාස්, ශ්‍රී ලංකා හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස්, වර්තමාන ශ්‍රී ලංකා ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න, හිටපු ටෙස්ට් ක්‍රීඩකයන් වන ඈෂ්ලි ද සිල්වා, මයිකල් වැන්ඩොට්, තිසර පෙරේරා සහ වර්තමාන ටෙස්ට් ක්‍රීඩකයන් වන රොෂේන් සිල්වා සහ සදීර සමරවික්‍රම ශාන්ත ජෝශප් විදුහලේ ආදි ක්‍රිකට් ක්‍රීඩකයෝ වෙති. 

ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කළ රෝයි ඩයස්, රුමේෂ් රත්නායක, විනෝදන් ජෝන්, අමල් සිල්වා, රසල් ආනල්ඞ්, කෞෂල්‍ය ලොකුආරච්චි, මලින්ද වර්ණපුර සහ ඇන්ජලෝ පෙරේරා, ශාන්ත පීතර විදුහලේ ආදි ක්‍රිකට් ක්‍රීඩකයෝ වෙති. 

මෙවර ශාන්ත ජෝශප් විදුහල් පිලේ නායකයා ලෙස ශ්‍රී ලංකා වයස 19 න් පහළ පිල නියෝජනය කළ අෂේන් ඩැනියල් ද, ශාන්ත පීතර විදුහල් පිලේ නායකයා ලෙස තුන් ඉරියව් ක්‍රීඩක රන්මිත් ජයසේන ද, කටයුතු කරති. 

ශාන්ත ජෝශප් විදුහල මෙම තරග වාරයේ තරග 13 කදී යාපනය ශාන්ත ප්‍රැටි්‍රක්, කැලණිය ගුරුකුල සහ මහනුවර ශාන්ත සිල්වෙස්ටර් යන විදුහල්වලට එරෙහිව පූර්ණ ජයග්‍රහණ ලැබීය. ශාන්ත පීතර විදුහල මීගමුව මාරිස්ටෙලා විදුහල සහ කටුගස්තොට ශාන්ත අන්තෝනි විදුහල හමුවේ පරාජයට පත්විය.

මෙවර ශාන්ත ජෝශප් විදුහලේ ප්‍රබලතම ක්‍රීඩකයා ලෙස පිට දඟ පන්දු යවන නායක අෂේන් ඩැනියල් හැදින්විය හැකිය. ශ්‍රී ලංකා යොවුන් පිල නියෝජනය කළ අෂේන් මෙවර තරග වාරයේ තරග හතරකට පමණක් ක්‍රීඩා කර තිබේ.  

දිනෙත් ජයකොඩි මෙම තරග වාරයේ තරග අටකදී ලකුණු 535 ක් රැස්කරමින් ශාන්ත ජෝශප් විදුහල් පිලේ ප්‍රබලතම පිතිකරු බවට පත්ව සිටියි. ජොහෑන් ද සිල්වා (ලකුණු 427), ෂෙවෝන් ඩැනියල් (ලකණු 416), ෂැරන් ෆොන්සේකා (ලකුණු 398) සහ සචින්ත රවිඳු (ලකුණු 376) මෙවර ශාන්ත ජෝශප් විදුහල් පිතිකරු ලැයිස්තුවේ සෙසු ප්‍රබලයෝ වෙති.

වමතින් දඟ පන්දු යවන ශාලින්ද සෙනෙවිරත්න මෙම තරග වාරයේ කඩුලු 67 ක් දවාගනිමින් ශාන්ත ජෝශප් විදුහල් පිලේ කඩුලු ලාභීන් අතර පෙරමුණේ සිටියි.

ශාන්ත පීතර විදුහල මෙම තරග වාරයේ තරග 14 කට සහභාගි වී කෝට්ටේ ජනාධිපති විදුහලට සහ කොළඹ ලුම්බිණි විදුහලට එරෙහිව පූර්ණ ජයග්‍රහණ ලැබීය. 

ශ්‍රී ලංකා වයස 19 න් පහළ පිල නියෝජනය කළ තුන් ඉරියව් ක්‍රීඩක සන්තුෂ් ගුණතිලක මෙවර ශාන්ත පීතර විදුහලේ ප්‍රබලතම තුන් ඉරියව් ක්‍රීඩකයා බවට පත්ව සිටියි. සන්තුෂ් මෙම තරග වාරයේ තරග 14 කදී ලකුණු 1190 රැස්කරමින් කඩුලු 28 ක් ද දවාගැනීමට සමත්ව සිටියි. 

නායක රන්මිත් ජයසේන (ලකුණු 634), භානුක ද සිල්වා (ලකණු 388), දිනිත් අංජුල (307) සහ නිපුනක ෆොන්සේකා (273) මෙවර ශාන්ත පීතර විදුහල් පිතිකරු ලැයිස්තුවේ සෙසු ප්‍රබලයෝ වෙති. 

කනිෂ්ක මධුවන්ත මෙම තරග වාරයේ කඩුලු 54 ක් දවා ගනිමින් ශාන්ත පීතර විදුහලේ වැඩිම කඩුලු ලාභියා බවට පත්ව සිටියි. රුවින් සෙනෙවිරත්න (කඩුලු 47), තාරික් සාබීර් (කඩුලු 23) සහ ශිවාන් පෙරේරා (කඩුලු 21) ශාන්ත පීතර විදුහල පන්දු යැවීමේ බලැනිය ශක්තිමත් කරති.

දෙවිදුහල් අතර 45 වැනි ‘පීටර් ඒ. පිල්ලෙයි පියතුමන්’ කුසලාන වාර්ෂික එක්දින ක්‍රිකට් තරගය එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී මාර්තු මස 23 වැනිදා පැවැත්වීමට නියමිතය. 

 ශාන්ත ජෝශප් විදුහල කණ්ඩායම:
ඉදිරි පෙළ වමේ සිට: ධරන්ත මෙනේරීගම මහතා (සහාය පුහුණුකරු), ආසිරි කල්දේරා මහතා (දෙවැනි පෙළ කණ්ඩායම් භාර ආචාර්ය), ලක්‍ෂාන් ගමගේ, ජොහෑන් ද සිල්වා (උප නායක), මිලාන් බර්නාඞ් පියතුමා (ක්‍රීඩා භාර ආචාර්ය), ටේ‍රවිස් ගේබි්‍රයල් පියතුමා (විදුහල්පති), අෂේන් ඩැනියල් (නායක), රොජර් විජේසූරිය මහතා (ප්‍රධාන පුහුණුකරු), ප්‍රසන්ත රණවීර මහතා (පළමු පෙළ කණ්ඩායම් භාර ආචාර්ය), පසිඳු ලියනාරච්චි මහතා (දෙවන පෙළ කණ්ඩායම් පුහුණුකරු) සහ ආසිරි පෙරේරා මහතා (අභ්‍යාසක)

දෙවැනි පෙළ වමේ සිට: සචින්ත මහින්දසිංහ, මිරංග වික්‍රමගේ, දුනිත් වෙල්ලලගේ, දිනෙත් ජයකොඩි, දිලේෂ් පෙරේරා සහ ෂෙවාන් රසූල්

තෙවැනි පෙළ වමේ සිට: මිතිර තෙනුර, ඩිනා අනුරාධ, ෂැරන් ෆොන්සේකා, අෂාන් ද අල්විස්, රිෂිත පෙරේරා, යෙසිත් රූපසිංහ, ශිවෝන් ඩැනියල් සහ ශාලින්ද සෙනෙවිරත්න

ශාන්ත පීතර විදුහල් කණ්ඩායම:
ඉදිරි පෙළ වමේ සිට:ඉදිරි පෙළ වමේ සිට: මනුක ගුණරත්න මහතා (අභ්‍යාසක), සම්පත් ධර්මසිරි මහතා (පන්දු රැකීමේ පුහුණුකරු), ක්‍රිශාන්ත පීරිස් මහතා (දඟ පන්දු යැවීමේ පුහුණුකරු), ශානක ප්‍රනාන්දු මහතා (සහය පුහුණුකරු), සනත් චින්තක මහතා (ක්‍රීඩා ලේකම්/ජ්‍යෙෂ්ඨ කණ්ඩායම් භාර ආචාර්ය), රන්මිත් ජයසේන (නායක), ටේ‍රවෝ මාටින් පියතුමා (විදුහල්පති), තිළිණ පැතුම් පියතුමා (ක්‍රීඩා සම්බන්ධීකාරක), නිපුන ෆොන්සේකා (උප නායක), සන්තුෂ් ගුණතිලක (හිටපු නායක), මලින්ද වර්ණපුර මහතා (ප්‍රධාන පුහුණුකරු), වසන්ත හපුතන්ත්‍රි මහතා (කනිෂ්ඨ ක්‍රිකට් භාර ආචාර්ය), කිටෝ ප්‍රනාන්දුපුල්ලේ මහතා (සහාය පුහුණුකරු) සහ මහේෂ් ද සිල්වා මහතා (කළමණාකරු)

දෙවැනි පෙළ වමේ සිට: ශනෝන් ප්‍රනාන්දු, දිනිත් අංජුල, ප්‍රභාසර හේරත්, හිම්සර රන්දෙණි, ටි්‍රෂේන් වික්‍රමසිංහ, තාරීක් ශබූර්, ශිවාන් පෙරේරා, රුවින් සෙනෙවිරත්න සහ කනිෂ්ක මධුවන්ත

තෙවැනි පෙළ වමේ සිට: වනුජ සහන්, විනුද ලියනගේ, රිෂික දවටගේ, ලෂේන් රොද්‍රිගු, භානුක ද සිල්වා සහ ෂෙනාල් බොතේජු
 

 

 
 


අදහස් (0)

ශාන්තුවරයන්ගේ සටන 1 - 2

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.