Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
වම් අතේ මැහුම් තුනක් දමා තිබියදීත් මහේල ජයවර්ධන පන්දුවට පහර දීම නිසා පාකිස්තානයට එරෙහිව ඩුබායි ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක‍්‍රිකට් තරගයේ දෙවැනි දිනය වූ අද (09) පස්වරුවේ ක‍්‍රීඩාව නතර කරන විට ශ‍්‍රී ලංකා පිල පළමු ඉනිම වෙනුවෙන් කඩුලූ 4 ක් දැවී ලකුණු 318 ක් රැුස් කරමින් ප‍්‍රබල තත්ත්වයක පසුවිය.
දෙවැනි දිනය අවසන් වන විට ශ‍්‍රී ලංකා පිල පළමු ඉනිමේදී කඩුලූ 6 ක් ඇතැතිව ලකුණු 153 ක් ඉදිරියෙන් සිටියේය.
දෙවැනි දිනය අවසන් වන විට මහේල ජයවර්ධන (නොදැවී 106) සහ ඇන්ජලෝ මැතිව්ස් (නොදැවී 42) පස්වැනි කඩුල්ල සදහා ලකුණු 91 ක නොබි`දුණු සම්බන්ධතාවක් පැවැත්වීමට සමත්ව සිටියහ.
කෞෂාල් සිල්වා සහ මහේල ජයවර්ධන සිවුවැනි කඩුල්ල සදහා අගනා ලකුණු 139 ක සම්බන්ධතාවක් පවත්වමින් ශ‍්‍රී ලංකා පිල ඔසවා තැබීමට සමත් වූහ.
උඩ පන්දුවක් රැක ගැනීමට යෑමේදී වම් අතේ ඇති වූ තුවාලයේ මැහුම් තුනක් යොදා තිබුණ ද මහේල ජයවර්ධන අංක 5 ස්ථානයේ පන්දුවට පහර දීම කැපී පෙනුණි. කෙසේ වෙතත් මහේල වේදනාව තිබියදී පන්දුවට පහර දුන් බව දැකගත හැකි විය.
මහේල ජයවර්ධන පන්දු 230 කදී හතරේ පහර 12 ක් ද ඇතුලූව නොදැවී ලකුණු 106 ක් ලබා සිටියේය. මෙය මහේලගේ 32 වැනි ටෙස්ට් ශතකය වන අතර එහ ශතකයත් සමග මහේල ලෝක ටෙස්ට් ක‍්‍රිකට් ඉතිහාසයේ වැඩිම ශතක ලාභීන් අතර අටවැනි ස්ථානයට පත්විය.
කුමාර් සංගක්කාර ශතක 33 ක් රැස්කරමින් හත්වැනි ස්ථානයේ පසු වෙයි. සචින් තෙන්ඩුල්කාර් ශතක 51 ක් රැස්කරමින් ශතක ලාභීන් අතර පළමු ස්ථානය හිමිකර ගෙන සිටියි.
තිස්හය හැවිරිදි මහේල මේ වන විට ටෙස්ට් තරග 140 කදී ලකුණු 10,917 ක් රැස්කර තිබේ. ටෙස්ට් ලකුණු 11,000 සම්පූර්ණ කළ ශ‍්‍රී ලංකාවේ පළමු ක‍්‍රීඩකයා මෙන්ම ලෝකයේ 8 වැනි ක‍්‍රීඩකයා වීමට මහේල තමත් ලකුණු 83 ක් පිටු පසින් සිටියි.
කෞෂාල් සිල්වා ටෙස්ට් පිතිකරුවකු සතුව තිබිය යුතු ඉවසීමේ ගුණය මෙම ඉනිමේදී ද මනාව ප‍්‍රදර්ශනය කළේය. හොද පන්දුවට හිස නමා පහර දුන් කෞෂාල් දුර්වල පන්දුව හතරේ සීමාව වෙත යොමු කිරීම පාකිස්තානු පන්දු යවන්නන්ට දැඩි හිසරදයක් බවට පත්විය.
කෞෂාල් පන්දු 221 කදී හතරේ පහර 10 ක් සමගින් ලකුණු 95 ක් ලබා මංගල ටෙස්ට් ශතකය පෙනි පෙනී සිවුවැනි කඩුල්ල ලෙස දැවී ගියේය. 27 හැවිරිදි කෞෂාල් අබුඩාබිහිදී පැවැති පළමු ටෙස්ට් තරගයේ දෙවැනි ඉනිමේදී සිය පළමු අර්ධ ශතකය ලෙස ලකුණු 81 ක් රැස් කළේය.
කෞෂාල් දැවී යෑම විනිසුරු තීරණය විමසීමේ ක‍්‍රමවේදයට යොමු කළ ද වෙනස් නොවීය.
මහේල ජයවර්ධන ලකුණු 26 ක් ලබා සිටියදී රහට් අලීගේ පන්දුවකට කඩුල්ල මුවා කිරීමේ වරදට දැවී ගිය බවට ප‍්‍රධාන විනිසුරු තීරණය කළ ද, විනිසුරු තීරණය විමසීමේ ක‍්‍රමවේදයෙන් මහේල දැවී නොගිය බවට තීරණය කළේය. රහට් අලී යැවූ එම පන්දුව පා ඉන්නේ පිටත පතිතවූ පන්දුවක් බව පුනරූපණයෙන් තහවුරු විය.
දිනේෂ් චන්දිමාල් (12) නැවතත් වගකීම් විරහිත පහරක් ගැසීමෙන් පාකිස්තානයට කඩුල්ල පූජා කිරීම ශ‍්‍රී ලංකා ඉනිම සසළ කළේය. ජුනයිට් ඛාන්ගේ ඉහළ නැගි පන්දුවට චන්දිමාල් ගැසූ හුක් පහර ලෝන් ලෙග්හි පන්දු රකිමින් සිටි රහට් අලී උඩ පන්දුවක් ලෙස රැකගැනීමත් සමග තෙවැනි කඩුල්ල ලෙස දැවී ගියේය.
රහට් අලී යැවූ අද දිනයේ හයවැනි ඕවරයේදී කුමාර් සංගක්කාර (26) දෙවැනි කඩුල්ල ලෙස පිටියෙන් ඉවත් විය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.