Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(රජන්ත බමුණුකොටුව)
ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අනුග්‍රහය ඇතිව සංවිධානය කළ වයස අවුරුදු 19න් පහළ IIවැනි කොටස ‘බී’ තලයෙ අන්තර් පාසල් සීමිත ඕවර ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට හේනේගම මධ්‍ය මහා විද්‍යාලය සමත්විය. කටාන මඩම්පොල ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති අවසන් තරගයේදී හේනේගම මධ්‍ය මහා විද්‍යාලය විසින් යාපනය මධ්‍ය මහා විද්‍යාලය ලකුණු 120කින් පරාජය කරන ලදි.
අවසන් තරගයේදී කාසියේ වාසිය හිමිකරගත් යාපනය මධ්‍ය මහා විද්‍යාලයේ ඇරයුමෙන් පළමුව පන්දුවට පහරදුන් හේනේගම මධ්‍ය මහා විද්‍යාලය නියමිත ඕවර 50 තුලදී ලකුණු 183ක් ලබාගත්තේය. එහිදී සුරාජ් සන්දීප (41), හර්ෂිත ආකාෂ් (27) සහ දුවිඳු මෙත්මල් (20) තම ඉනිම ගොඩනැංවීමට දායකවූහ. පන්දුවෙන් දස්කම් දැක්වූ තකුතාස් අභිලාෂ් ලකුණු 18කට කඩුලු 4ක් දවාලීය.
පිළිතුරු ඉනිම දියත්කළ යාපනය මධ්‍ය මහා විද්‍යාල කණ්ඩායම ඕවර 23.5 කදී ලකුණු 63කට සීමා කිරීමට හිරුෂ දිල්මිත් ප්‍රමුඛ හේනෙගම මැදි විදුහල් පන්දු යවන්නෝ සමත්වූහ. හිරුෂ දිල්මිත් ලකුණු 16 කට කඩුලු 5ක් දවාලූ අතර, පිත්තෙන් දස්කම් දැක්වූ සුරාජ් සන්දීප පන්දුවෙන් ද දස්කම් දක්වමින් ලකුණු 12කට කඩුලු 3ක් දවාලීය.
හේනේගම මධ්‍ය මහා විද්‍යාලය - ඕවර 50 කදී සියලු දෙනා දැවී 183 යි
(සුරාජ් සංදීප 41, හර්ෂිත ආකාෂ් 27, දුවිඳු මෙත්මාල් 20, සරිඳු ගිම්හාන් 18, කුෂාන් කවීෂ්වර 17, පසිඳු මධුෂාන් 16, තකුතාස් අභිලාෂ් 18/4, ආර්. ආක්ෂයන් 18/2)
යාපනය මධ්‍ය මහා විද්‍යාලය - ඕවර23.5 කදී සියලු දෙනා දැවී 63 යි
(මතීෂ්වන් කාර්තිගන් 18, හිරුෂ දිල්මිත් 16/5, සුරාජ් සංදීප 12/3, දෙසිඳු දින්සර 27/2
ශූරතාව දිනූ හේනේගම මධ්‍ය මහා විද්‍යාලය ...
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.