Last Update  :  2024-12-26 20:20:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ශූරයන්ගේ කුසලාන තරග පෙබරවාරි - මාර්තු මාසවලදී

ශූරයන්ගේ කුසලාන තරග පෙබරවාරි - මාර්තු මාසවලදී

editorial - 2024 දෙසැ මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් ජාතික ක්‍රිකට් සභාව වසර 8 කට පසුව සංවිධානය කරන ශූරයන්ගේ කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය එළඹෙන පෙබරවාරි මස 19 වැනිදා සිට මාර්තු මස 9 වැනිදා දක්වා පාකිස්තානයේදී සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වේ. වසර 29 කට පසුව පාකිස්තානය සත්කාරකත්වය දරණ පළමු ලෝක මට්ටමේ තරගාවලිය මෙය වන අතර මෙහි ඉන්දියාව සහභාගි වන තරග පමණක් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ. 

අවසන් වරට 2017 වසරේදී පැවැති ශූරයන්ගේ කුසලාන තරගාවලිය ජයගැනීමට පාකිස්තානය සමත් වූ අතර මෙවර තරගාවලියට ඔවුන් සත්කාරකත්වය දරන්නේ 1996 වසරේ පැවැති එක්දින ලෝක කුසලාන තරගාවලියේ සම සත්කාරකත්වය දැරීමෙන් අනතුරුවය. එම කාල සීමාව තුළ දේශපාලන සහ ත්‍රස්තවාදී බලපෑම් හේතුවෙන් පාකිස්තානය තුළ කිසිදු ලෝක මට්ටමේ තරගාවලියක් නොපැවැත්විණ. 

රටවල් 8 ක් සහභාගීවන මෙම තරගාවලිය දින 19 ක් පුරා පැවැත්වෙන අතර එහිදී ‘ඒ’ සහ ‘බී’ ලෙස කාණ්ඩ 2 ක් යටතේ මූලික වටයේ තරග 12 ක්ද, අවසන් පූර්ව තරග 2 ක් සහ අවසන් මහ තරගයක්ද පැවැත්වීමට නියමිතය. ඉන්දියාව, පාකිස්තානය, නවසීලන්තය සහ බංග්ලාදේශය ‘ඒ’ කාණ්ඩය යටතේද, ඕස්ටේ්‍රලියාව, එංගලන්තය, දකුණු අප්‍රිකාව සහ ඇෆ්ඝනිස්ථාය ‘බී’ කාණ්ඩය යටතේ තරග බිමට පිවිසෙනු ඇත. 

පාකිස්තානයේ පැවැත්වෙන තරග ලාහෝර්, කරාචි සහ රාවල්පිණ්ඩි යන ක්‍රීඩාංගණවලදී පැවැත්වෙන අතර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන අතර ඩුබායි ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ. පාකිස්තානය සහ නවසීලන්තය අතර පෙබරවාරි මස 19 වැනිදා කරාචි ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන තරගයෙන් තරගාවලිය ආරම්භ වනු ඇත. ප්‍රභලම ප්‍රතිවාදීන් ලෙස සැලකෙන ඉන්දියාව සහ පාකිස්තානය අතර තරගය පැවැත්වෙන්නේ පෙබරවාරි මස 23 වැනිදා ඩුබායිහිදීය. 

පළමු අවසන් පූර්ව තරගය ඩුබායිහිදීද, දෙවැනි අවසන් පූර්ව තරගය ලාහෝර්හිදීද පැවැත්වීමට කටයුතු යොදා ඇති අතර අවසන් මහ තරගය පැවැත්වීමට නියමිතව ඇත්තේද ලාහෝර්හිදීය. එහෙත් ඉන්දියාව අවසන් මහ තරගයට සුදුසුකම් ලැබුවහොත් එය ඩුබායිහිදී පැවැත්වීමට සංවිධායකයන් පියවර ගනු ඇත. අවසන් පූර්ව තරගය දෙක සඳහා මෙන්ම අවසන් මහ තරගය සඳහාද අතිරේක දින වෙන්කර තිබේ. 

1998 වසරේදී ආරම්භ කෙරුණු මෙම ශූරයන්ගේ කුසලාන තරගාවලිය මේ දක්වා 8 වරක් පවත්වා ඇති අතර එහිදී ඕස්ටේ්‍රලියාව (2006 සහ 2009) දෙවතාවක් ශූරතාවට හිමිකම් කියා ඇත. දකුණු අප්‍රිකාව (1998), නවසීලන්තය (2000), ඉන්දියාව (2013), බටහිර ඉන්දීය කොදෙව් (2004), පාකිස්තානය (2017) එක් වරක් බැගින් ශූරයන්ගේ කුසලාන තමන් සතු කරගෙන ඇති අතර 2002 වසරේදී ශ්‍රී ලංකාව සහ ඉන්දියාව එහි සම ශූරයන් බවට පත්ව තිබේ.  

ශූරයන්ගේ කුසලාන තරගාවලියේ කාලසටහන

  • පෙබරවාරි 19 - පාකිස්තානය සහ නවසීලන්තය අතර කරාචිහිදී 
  • පෙබරවාරි 20 - බංග්ලාදේශය සහ ඉන්දියාව අතර ඩුබායිහිදී 
  • පෙබරවාරි 21 - ඇෆ්ඝනිස්තාන සහ දකුණු අප්‍රිකාව අතර කරාචිහිදී 
  • පෙබරවාරි 22 - ඕස්ටේ්‍රලියාව සහ එංගලන්තය අතර ලාහෝර්හිදී 
  • පෙබරවාරි 23 - පාකිස්තානය සහ ඉන්දියාව අතර ඩුබායිහිදී 
  • පෙබරවාරි 24 - බංග්ලාදේශය සහ නවසීලන්තය අතර රාවල්පිණ්ඩිහිදී 
  • පෙබරවාරි 25 - ඕස්ටේ්‍රලියාව සහ දකුණු අප්‍රිකාව අතර රාවල්පිණ්ඩිහිදී 
  • පෙබරවාරි 26 - ඇෆ්ඝනිස්ථානය සහ එංගලන්තය අතර ලාහෝර්හිදී 
  • පෙබරවාරි 27 - පාකිස්තානය සහ බංග්ලාදේශය අතර රාවල්පිණ්ඩිහිදී 
  • පෙබරවාරි 28 - ඇෆ්ඝනිස්ථානය සහ ඕස්ටේ්‍රලියාව අතර ලාහෝර්හිදී 
  • මාර් තු 1 - දකුණු අප්‍රිකාව සහ එංගලන්තය අතර කරාචිහිදී 
  • මාර් තු 2 - නවසීලන්තය සහ ඉන්දියාව අතර ඩුබායිහිදී 
  • මාර් තු 4 - පළමු අවසන් පූර්ව තරගය ඩුබායිහිදී 
  • මාර් තු 5 - දෙවැනි අවසන් පූර්ව තරගය ලාහෝර්හිදී 
  • මාර් තු 9 - අවසන් මහ තරගය ලාහෝර්හිදී හෝ ඩුබායිහිදී 

 

-036


අදහස් (0)

ශූරයන්ගේ කුසලාන තරග පෙබරවාරි - මාර්තු මාසවලදී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.