Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
දකුණු පළාත් බැඩ්මින්ටන් සංගමය සංවිධානය කළ ප්‍රේමසිරි හැළඹගේ අනුස්මරණ කුසලාන සමස්ත ලංකා බැඩ්මින්ටන් තරගාවලියේ පිරිමි ශූරතාව දිනාගැනීමට ශාන්ත පීතර විදුහලේ විරේන් නෙත්තසිංහත්, කාන්තා ශූරතාව දිනාගැනීමට ක්‍රිස්තු දේව බාලිකා විදුහලේ රනිත්මා ලියනගේත් සමත් වූහ.
අම්බලන්ගොඩ ධර්මාශෝක විදුමහල් ගෘහස්ත ක්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගාවලියේ පිරිමි කේවල අවසන් මහ තරගයේදී වට 2-1 ක් ලෙස දුමිඳු අබේවික්‍රම පරාජය කිරීමට විරේන් සමත් විය. කාන්තා කේවල අවසන් මහ තරගයේදී ඩිල්මි ඩයස් පරාජය කිරීමට රනිත්මා සමත් වූයේ වට 2-1 ක් ලෙසිනි.
පිරිමි අවසන් පූර්ව වටයේදී සයෙහුල් ඉස්ලාම් පරාජය කරමින් විරේන්ද, රසිඳු හෙන්ඳහේවා පරාජය කරමින් දුමිඳුද එම ඉසව්වේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්හ. කාන්තා අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට රනිත්මා සහ ඩිල්මි සමත් වූයේ අවසන් පූර්ව වටයේදී පිළිවෙලින් දසිත්මා ජයතිලක සහ පංචාලි අධිකාරි පරාජය කරමිනි.
රන්තුෂ්ක සසිඳු සහ සයෙහුල් ඉස්ලාම් වට 2-0 ක් ලෙස පරාජය කළ බුවනෙක ගුණතිලක සහ සචින් ඩයස් තරගාවලියේ පිරිමි යුගල ශූරතාවට හිමිකම් කීහ. ඩිල්මි ඩයස් සහ තිළිණි හෙන්දහේවා කාන්තා යුගල ශූරතාවට හිමිවේ වට 2-0 ක් ලෙස බුත්මි ගලගමගේ සහ නදීෂා ගයන්ති පරාජය කරමිනි.
ඉන් අනතුරුව සචින් සහ තිළිණි එක්ව වට 2-0 ක් ලෙස ලෝචන ද සිල්වා සහ සසිනි හංසහමාලි පරාජය කරමින් මිශ්‍ර යුගල ශූරතාවද තමන් සතු කරගත්හ. ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමයේ මඟපෙන්වීම යටතේ පැවැති මෙම තරගාවලිය සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 870 දෙනෙක් සහභාගි වූහ.
තරග ප්‍රතිඵල
පිරිමි කේවල
විරේන් නෙත්තසිංහ විසින් වට 2-1 ක් ලෙස දුමිඳු අබේවික්‍රම පරාජය කරන ලදි. (18/21, 21/18, 21/08)
කාන්තා කේවල
රනිත්මා ලියනගේ විසින් වට 2-1 ක් ලෙස ඩිල්මි ඩයස් පරාජය කරන ලදි. (20/22, 21/17, 23/21)
පිරිමි යුගල
බුවනෙක ගුණතිලක සහ සචින් ඩයස් විසින් වට 2-0 ක් ලෙස රන්තුෂ්ක සසිඳු සහ සයෙහුල් ඉස්ලාම් පරාජය කරන ලදහ. (21/19, 21/16)
කාන්තා යුගල
ඩිල්මි ඩයස් සහ තිළිණි හෙන්දහේවා විසින් වට 2-0 ක් ලෙස බුත්මි ගලගමගේ සහ නදීෂා ගයන්ති පරාජය කරන ලදහ. (21/10, 21/05)
මිශ්‍ර යුගල
සචින් ඩයස් සහ තිළිණි හෙන්දහේවා විසින් වට 2-0 ක් ලෙස ලෝචන ද සිල්වා සහ සසිනි හංසහමාලි පරාජය කරන ලදහ. (21/08, 21/16)
බුවනෙක ගුණතිලක සහ සචින් ඩයස්
විරේන් නෙත්තසිංහ
ඩිල්මි ඩයස් සහ තිළිණි හෙන්දහේවා
රනිත්ම ලියනගේ
සචින් ඩයස් සහ තිලිණි හෙන්දහේවා
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.