Last Update  :  2025-01-15 20:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ශූරයෝ - අනුශූරයෝ තීරණාත්මක අදියරට

ශූරයෝ - අනුශූරයෝ තීරණාත්මක අදියරට

රොෂාන් ගුණරත්න - 2016 නොවැ මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉකුත් වසරේ ශූරයන් බවට පත්වූ මොරටුව වේල්ස් කුමර විදුහල මෙන්ම අනුශූරයන් බවට පත්වූ ගාල්ල මහින්ද විදුහලද අන්තර් පාසල් වයස 13 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ පෙර අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා සිටිති. පෙර අර්ධ අවසන් පූර්ව වටය සඳහා කණ්ඩායම් 16 ක් තේරී පත්වී සිටිති.


තරගාවලියේ මූලික වටය සඳහා කණ්ඩායම් 75 ක් සහභාගි වූ අතර එහිදී එම කණ්ඩායම් කාණ්ඩ 11 ක් යටතේ තරග වැදිණ. දෙවැනි වටය සඳහා ඉන් කණ්ඩායම් 32 ක් සුදුසුකම් ලබාගත් අතර එහිදී එම කණ්ඩායම් කාණ්ඩ 8 ක් යටතේ තරග වැදිණ.


එම කාණ්ඩ 8 හි ශූරයන් සහ අනුශූරයන් බවට පත්වූ කණ්ඩායම් 16 පෙර අර්ධ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබා සිටිති. පෙර අර්ධ අවසන් පූර්ව වටයේ සිට තරග පිළිමළුන් පිටුදැකීමේ ක්‍රමයට අනුව පැවැත්වේ.


අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගන්නා කණ්ඩායම් 4 නැවතත් ලීග් ක්‍රමට අනුව තරග වැදීමට නියමිත අතර එහිදී එම කණ්ඩායම් ලබාගන්නා ප්‍රසාද ලකුණු සංඛ්‍යාව අනුව සමස්ත තරගාවලියේ ශූරයන් සහ අනුශූරයන් තොරාගැනීමට නියමිතය.


කොළඹ අනන්ද විදුහල, මොරටුව වේල්ස් කුමර විදුහල, කොළඹ රාජකීය විදුහල, කඳාන ද මැසිනොද් විදුහල, පානදුර රාජකීය විදුහල, රත්ගම දේවපතිරාජ විදුහල, කළුතර තිස්ස විදුහල සහ ගාල්ල රිච්මන්ඞ් විදුහල දෙවැනි වටයේදී තමන් තරග වැදුණ කාණ්ඩ වල ශූරයන් බවට පත්වෙමින් පෙර අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්හ.


කටුගස්තොට ශාන්ත අන්තෝනි විදුහල, කළුතර විදුහල, ගාල්ල මහින්ද විදුහල, කොළඹ මහානාම විදුහල, කොළඹ ඉසිපතන විදුහල, කොළඹ නාලන්දා විදුහල, බම්බලපිටිය ශාන්ත පීතර විදුහල සහ කෝට්ටේ ආනන්ද ශ්‍රාස්ත්‍රාලය පෙර අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්තේ දෙවැනි වටයේදී තමන් තරග වැදුණ කාණ්ඩ වල අනුශූරයන් බවට පත්වෙමිනි.


පෙර අර්ධ අවසන් පූර්ව වටයේ තරග මේ මස 30 වැනිදාට පෙර පැවැත්වෙන අතර අර්ධ අවසන් පූර්ව වටයේ තරග දෙසැම්බර් මස 5 වැනිදාට පෙර පැවැත්වේ.


පෙර අර්ධ අවසන් පූර්ව වටයේ කාලසටහන

■    කොළඹ අනන්ද විදුහල සහ කටුගස්තොට ශාන්ත අන්තෝනි විදුහල අතර කොළඹදී

■    මොරටුව වේල්ස් කුමර විදුහල සහ කළුතර විදුහල අතර මොරටුවේදී

■    කොළඹ රාජකීය විදුහල සහ ගාල්ල මහින්ද විදුහල අතර කොළඹදී

■    කඳාන ද මැසිනොද් විදුහල සහ කොළඹ මහානාම විදුහල අතර කඳානේදී

■    පානදුර රාජකීය විදුහල සහ කොළඹ ඉසිපතන විදුහල අතර පානදුරේදී

■    රත්ගම දේවපතිරාජ විදුහල සහ කොළඹ නාලන්දා විදුහල අතර රත්ගමදී

■    කළුතර තිස්ස විදුහල සහ බම්බලපිටිය ශාන්ත පීතර විදුහල අතර කළුතරදී

■    ගාල්ල රිච්මන්ඞ් විදුහල සහ කෝට්ටේ ආනන්ද ශ්‍රාස්ත්‍රාලය අතර ගාල්ලේදී


අදහස් (0)

ශූරයෝ - අනුශූරයෝ තීරණාත්මක අදියරට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.