Last Update  :  2025-04-22 20:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ශෙහාන් - මහේෂ් ශා.බෙනඩික් විදුහලට ජය ගෙනෙති

ශෙහාන් - මහේෂ් ශා.බෙනඩික් විදුහලට ජය ගෙනෙති

Nisanka Sandeepani - 2019 ජන මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


අන්තර පාසල් ‘සිංගර් කුසලාන’ වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ තරගයකදී කුරුණෑගල මලියදේව විද්‍යාලයට එරෙහිව ඉනිමක සහ ලකුණු 43 ක ජයක් ලබාගැනීමට කොළඹ ශාන්ත බෙනඩික් විද්‍යාලය සමත්විය. මෙම තරගය කුරුණෑගල මලියදේව විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

ශෙහාන් ප්‍රනාන්දු (123) ශතකයක් ලබාගනිමින් පිත්තෙන් දස්කම් දැක්වූ අතර මහේෂ් තීක්‍ෂණ දෙවැනි ඉනිමේදී ලබාගත් කඩුලු 7 ත් සමගින් ලකුණු 87 කට කඩුලු 11 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.

ශා.බෙනඩික් විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 83 කදී කඩුලු 9 ක් දැවී ලකුණු 291
(ශෙහාන් ප්‍රනාන්දු 123, බ්‍රයන් ඔෂ්වින් 44, මලින්ද පෙරේරා නොදැවී 22, කවිරු පෙරේරා 21, විදත් බටේපොල 68/4, කවීන් බණ්ඩාර 64/2)

මලියදේව විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 46 කදී සියලුදෙනා දැවී ලකුණු 129
(සුපුන් සුමනරත්න 58, නිසංජය හෙට්ටිආරච්චි 20, මහේෂ් තීක්‍ෂණ 50/4, මලින්ද පෙරේරා 27/3)

මලියදේව විද්‍යාලය - දෙවැනි ඉනිම - ඕවර 37.5 කදී සියලුදෙනා දැවී ලකුණු 119
(මුදිත ප්‍රේමදාස 39, සුපුන් සුමණරත්න 26, බ්‍රයන් කරුණානායක 24, අමීෂ් තෙන්නකෝන් 20, මහේෂ් තීක්‍ෂණ 37/7, මලින්ද පෙරේරා 34/3)


අදහස් (0)

ශෙහාන් - මහේෂ් ශා.බෙනඩික් විදුහලට ජය ගෙනෙති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.