Last Update  :  2024-12-18 15:05:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ශේෂාඩ් - දසුන් - තරිඳු හම්බන්තොට දිනවති
ලංකා දහයයි-10 ලීගය

ශේෂාඩ් - දසුන් - තරිඳු හම්බන්තොට දිනවති

editorial - 2024 දෙසැ මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


(ශානුක අරවින්ද) 

ලංකා දහයයි-10 ලීග් ක්‍රිකට් තරගාවලියේ 13 වැනි තරගය ලෙස මහනුවර බෝල්ට්ස් කණ්ඩායම සහ හම්බන්තොට බංග්ලා ටයිගර්ස් කණ්ඩායම අතර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (15 වැනිදා) පැවැති තරගයෙන් ලකුණු 47 ක ජයක් වාර්තා කිරීමට හම්බන්තොට බංග්ලා ටයිගර්ස් කණ්ඩායම සමත් විය. 

ජයග්‍රහණය සඳහා ලකුණු 164 ක දැවැන්ත ඉලක්කයක් හඹාගිය මහනුවර බෝල්ට්ස් කණ්ඩායමට ඕවර 10 අවසානයේ කඩුලු 9 ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 116 ක් පමණි. මහනුවර ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ මොහොමඩ් ශමාෂ් පන්දු 13 කින් ලකුණු 25 ක් රැස්කළේ හයේ පහරක් සහ හතරේ පහර 3 ක් සමගිනි. ෂෙහාන් ජයසූරිය පන්දු 7 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහරක් සමග ලකුණු 23 ක් රැස්කළේය. 

විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ තරිඳු රත්නායක සිය ඕවර 2 ලකුණු 10 කට සීමා කරමින් කඩුලු 4 ක් බිඳහෙළීමට සමත් විය. මහනුවර කණ්ඩායමේ ජයග්‍රාහී මාවත අවහිර කර දැමීම සඳහා ඔහුට අනගි සහායක් දුන් නායක දසුන් ශානක ලකුණු 16 කට කඩුලු 2 ක් දවාගත් අතර ධනංජය ලක්ෂාන්, ඉසුරු උදාන සහ විජයකාන්ත් වියස්කාන්ත් එහිදී කඩුල්ල බැගින් දවාගත්හ. 

පළමුවෙන් පන්දුවට පහරදුන් හම්බන්තොට බංග්ලා ටයිගර්ස් කණ්ඩායම ඕවර 10 අවසානයේ කඩුලු 6 ක් දැවී ලකුණු 163 ක් ලබාගත් අතර එහිදී ප්‍රවේගකාරී පිතිහරඹයක නිරත වූ ආරම්භක පිතිකරු මුහම්මද් ශේෂාඩ් පන්දු 18 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 7 ක් සමග ලකුණු 52 ක් රැස්කළේය. නායක දසුන් ශානක පන්දු 15 කදී හයේ පහර 4 ක් සහ හතරේ පහර 2 ක් සමග නොදැවී ලකුණු 39 ක් රැස්කරමින් සිය කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමුවේය. 

සෙසු ආරම්භක පිතිකරුවා වූ කුසල් පෙරේරා ලකුණු නොළබා දැවී යෑමෙන් අනතුරුව ෂෙවෝන් ඩැනියෙල් (5) සමග එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 17 කදී ලකුණු 46 ක වේගවත් සම්බන්ධතාවක් ගොඩනැගීමටද ශේෂාඩ් සමත් විය. ශේෂාඩ්ගේ දැවී යෑමෙන් පසුව ධනංජය ලක්ෂාන් (18) සමග එක්වූ දසුන් 5 වැනි කඩුල්ල සඳහා පන්දු 13 කදී ලකුණු 46 ක් එක් කළේය.  


හම්බන්තොට බංග්ලා ටයිගර්ස් පිල - ඕවර 10 කදී කඩුලු 6 කට 163 
(මුහම්මද් ශේෂාඩ් 52, දසුන් ශානක නොදැවී 39, ධනංජය ලක්ෂාන් 18, සබීර් රහමන් නොදැවී 13, තිසර පෙරේරා 26/2)  

මහනුවර බෝල්ට්ස් පිල - ඕවර 10 කදී කඩුලු 9 කට 116 
(පැතුම් නිස්සංක 15, දිනේෂ් චන්දිමාල් 13, ෂෙහාන් ජයසූරිය 23, මොහොමඩ් ශමාෂ් 25, තරිඳු රත්නායක 10/4, දසුන් ශානක 16/2) 

 


අදහස් (0)

ශේෂාඩ් - දසුන් - තරිඳු හම්බන්තොට දිනවති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.