Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(කුරුණෑගල ජනුර් කිචිලන්)
ශ්‍රීමත් හෙන්රි ස්ටීල් ඔල්කොට් ක්‍රීඩා පදනම 23 වැනි වරටත් සංවිධානය කරන ශ්‍රීමත් හෙන්රි ස්ටීල් ඔල්කොට් අනුස්මරණ ක්‍රිකට් තරගාවලිය මේ මස 13, 14 සහ 15 යන දිනයන්හි කුරුණෑගල වෙළගෙදර ක්‍රීඩාංගනයේදී පැවැත්වෙයි.
ශ්‍රීමත් හෙන්රි ස්ටීල් ඔල්කොට් ක්‍රීඩා පදනමට සම්බන්ධ කොළඹ ආනන්ද, නාලන්දා, මහනුවර ධර්මරාජ, ගාල්ල මහින්ද, අම්බලන්ගොඩ ධර්මාශෝක, කුරුණෑගල මලියදේව, මාතර රාහුල සහ පන්නිපිටිය ධර්මපාල යන විදුහල් අතර මෙම තරගාවලිය පැවැත්වෙයි.
මේ වසරේදී ශ්‍රීමත් හෙන්රි ස්ටීල් ඔල්කොට් ක්‍රීඩා පදනමට සම්බන්ධ වූ මාතලේ විජය විද්‍යාලය සහ කටුගස්තොට ශ්‍රී රාහුල විද්‍යාලය ලබන වසරේ සිට මෙම තරගාවලියට එකතු වන බව කුරුණෑගල මලියදේව විද්‍යාලීය ආදි ශිෂ්‍ය සංගම් ශ්‍රවණාගාරයේ දී පැවති මාධ්‍ය හමුවකදී හෙන්රි ස්ටීල් ඔල්කොට් ක්‍රීඩා පදනමේ සභාපති, බිමල් විජයසිංහ මහතා පැවසීය.
ශ්‍රීමත් හෙන්රි ස්ටීල් ඔල්කොට් තුමන් විසින් ආරම්භ කරන ලද පරම විඥානාර්ථ බෞද්ධ සංගමය මගින් දිවයිනේ විවිධ ප්‍රදේශවල පාසල් ආරම්භ කරන ලදි. මෙම පාසල් වල එකමුතුවෙන්, 1996 දි බන්දුල වර්ණපුර මහතා ගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කරන ලදහෙන්රි ස්ටීල් ඔල්කොට් ක්‍රීඩා පදනමට සම්බන්ධ විද්‍යාල අතර ශ්‍රීමත් හෙන්රි ස්ටීල් ඔල්කොට් අනුස්මරණ ක්‍රිකට් තරගාවලිය වාර්ෂිකව පැවැත්වෙයි.
මේ වසරේදී කුරුණෑගල මලියදේව විද්‍යාලයේ සත්කාරකත්වයෙන් කුරුණෑගල වෙළගෙදර ක්‍රීඩාංගනයේදී තරගාවලිය පැවැත්වේ. මෙම විද්‍යාල 8 හි පාසැල් සිසුන්ගේ තරගාවලිය 13 වෙනි දින පැවැත්වෙන අතර 14 සහ 15 දෙදින ආදිසිසුන්ගේ කණ්ඩායම් අතර තරග පැවැත්වේ.
විද්‍යාලාන්තර තරගාවලිය සය සාමාජික තරගාවලියක් ලෙසින්, එක පිලකට ඕවර 5 කින් යුතුව පැවැත්වෙයි. ආදි සිසුන්ගේ තරගාවලියේදී කණ්ඩායමකට ක්‍රීඩකයන් 11 දෙනකු සිටින නමුත් එක ඉනිමක් ඕවර 8 කි.
මෙහිදී විශේෂත්වයක් වන්නේ අවුරුදු 40 ට වැඩි වයස් කාණ්ඩයේ ප්‍රවීන ක්‍රීඩකයින් මෙන්ම ශ්‍රී ලංකාවේ ජාතික කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයින් සහභාගී වීමය. 1999 ආරම්භ කරන ලද මෙම වාර්ෂික ක්‍රිකට් තරග මාලාවේ 2006 සහ 2014 වසර වලදී කුරුණෑගල මලියදේව විද්‍යාලය සත්කාරක විද්‍යාලය ලෙස කටයුතු කර ඇ.තැයි මලියදේව විදුහල්පති ඩබ්. එම්. සී. කේ. මහමිතව මහතා පැවසීය.
ශූරයන්ට පිරිනැමෙන ශ්‍රීමත් හෙන්රි ස්ටීල් ඔල්කොට් අනුස්මරණ ශූරතා පළිහ තරගාවලියේ සංවිධායක මණ්ඩලයට බාර කරන ලද අවස්ථාව
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.