සිරි පියරතන විදුහලට මුල් ඉනිමේ ජයක්
අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ පාදුක්ක සිරි පියරතන විදුහල සහ මාතර රාහුල විදුහල අතර මීගොඩ මහ විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති II කොටසේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් වාර්තා කිරීමට සිරි පියරතන විදුහල සමත් විය.
එහිදී රාහුල විදුහලේ බිනර සංඛේත් (103) ශතකයක් ලබාගත් අතර සිරි පියරතන විදුහලේ රාජිත හෂාන් (71), හේෂාන් ප්‍රනාන්දු (82) සහ ගිත්මින් කොළඹගේ (75) අර්ධ ශතක ලබාගත්හ.
සිරි පියරතන විදුහල් පළමු ඉනිම - ඕවර 57.5 කදී සියලු දෙනා දැවී 246
(රාජිත හෂාන් 71, සවීන් රත්නසිරි 47, කාවින්ද ඊෂ්වර 27, රසිඳු හංසක 24, හේෂාන් ප්‍රනාන්දු 22, තිමිර චන්දික 85/6, ඔවින් බෝපගේ 26/2)
රාහුල විදුහල් පළමු ඉනිම - ඕවර 43.1 කදී සියලු දෙනා දැවී 150
(සසිත් මනුරංග 44, බිනර සංඛේත් 42, ඔවින් බෝපගේ 24, මධුෂාන් පීරිස් 42/4, කාවින්ද ඊෂ්වර 64/3)
සිරි පියරතන විදුහල් දෙවැනි ඉනිම - ඕවර 46 කදී කඩුලු 7 ක් දැවී 210
(හේෂාන් ප්‍රනාන්දු 82, ගිත්මින් කොළඹගේ 75, සසිත් මනුරංග 79/4)
රාහුල විදුහල් දෙවැනි ඉනිම - ඕවර 43 කදී කඩුලු 5 ක් දැවී 154
(බිනර සංඛේත් 103, ලකිඳු චමෝද්‍ය නොදැවී 30, ලසිරු දිනෙත් 53/5)
-036