Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
පාදුක්ක සිරි පියරතන විද්‍යාලය සහ හොරණ රාජකීය විද්‍යාලය අතර මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණයේදී අද (1 වැනිදා) ආරම්භවූ 2 වැනි ‘රන්දම් හටන’ වාර්ෂික මහ ක්‍රිකට් තරගයේ පළමු දිනය අවසන් වනවිට හොරණ රාජකීය විද්‍යාලය පළමු ඉනිමේදී ලකුණු 57 කට කඩුලු 5 ක් අහිමිකරගෙන සිටියේය. ඒ අනුව රාජකීය විද්‍යාලය තවත් ලකුණු 108 ක් පසුපසින් සිටින්නේය.
දක්ෂ පන්දු යැවීමක නිරත වන කාවින්ද ඊෂ්වර ලකුණු 16 කට කඩුලු 4 ක් දවාගනිමින් පළමු දිනයේ වැඩි වාසී පාදුක්ක සිරි පියරතන විද්‍යාලයට ලබාදීමට සමත්විය.
කාසියේ වාසිය දිනාගත් හොරණ රාජකීය විද්‍යාලය පළමුව පන්දුවට පහරදීම සඳහා පාදුක්ක සිරි පියරතන විද්‍යාලයට ආරාධනා කළ අතර සියලුදෙනා දැවී පළමු ඉනිම සඳහා ඔවුන්ට රැස්කිරීමට හැකිවූයේ ලකුණු 165 ක් පමණි.
යසිරු දිනේෂ් (60) අර්ධ ශතකයක් ලබාගනිමින් සිරි පියරතන විද්‍යාලය ලකුණු 150 සීමාවෙන් ඔබ්බට රැගෙන යාමට සමත්විය.
දක්ෂ පන්දු යැවීක නිරතවූ චානුක ද සිල්වා ලකුණු 41 කට කඩුලු 6 ක් දවාගනිමින් පාදුක්ක සිරි පියරතන විද්‍යාලීය පළමු ඉනිම අඩු ලකුණු සංඛ්‍යාවකට සීමා කිරීමට සමත්විය.
හෙට (2 වැනිදා) තරගයේ දෙවැනි සහ අවසන් දිනයයි.
සිරි පියරතන විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 61.4 කදී සියලුදෙනා දැවී ලකුණු 165
(යසිරු දිනේෂ් 60, කාවින්ද ඊෂ්වර 21, චානුක ද සිල්වා 41/6)
රාජකීය විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 30 කදී කඩුලු 5 ක් දැවී ලකුණු 57
(කාවින්ද ඊෂ්වර 16/4)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.