Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
බලපිටිය සිද්ධාර්ථ විදුහල සහ බලපිටිය රේවත විදුහල අතර සිද්ධාර්ථ විදුහල් ක්රීඩාංගණයේදී පැවැත්වෙන 32 වැනි ‘වීරයන්ගේ හටන’ වාර්ෂික මහ ක්රිකට් තරගයේ පළමු දිනය වූ අද (23 වැනිදා) සිද්ධාර්ථ විදුහල් පළමු ඉනිම ලකුණු 102 කට සීමා කිරීමට රේවත විදුහල් පන්දු යවන්නෝ සමත් වූහ.
එහිදී දක්ෂ පන්දු යැවීමක නිතර වූ රමේෂ් මධුෂංක ලකුණු 31 කට කඩුලු 5 ක් බිඳහෙළීමට සමත් වූ අතර සිද්ධාර්ථ විදුහල් පළමු ඉනිම සුනුවිසුණු කර දැමීම සඳහා රමේෂ්ට අනගි සහායක් දුන් චාමර ප්රියදර්ශන ලකුණු 30 කට කඩුලු 3 ක් දවාගත්තේය.
පළමු දිනය අවසානයේ තරගය නතර කරන විට පන්දුවට පහරදෙමින් සිටි රේවත විදුහල සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 4 ක් දැවී ලකුණු 108 ක් ලබා සිටි අතර ඒ වන විට කඩුල්ලේ රැදී සිටි චාමර ජනසංඛ නොදැවී ලකුණු 30 ක් ලබා සිටියේය.
සිද්ධාර්ථ විදුහල පළමු ඉනිම - ඕවර 37 කදී සියලු දෙනා දැවී 102
(දිලුෂ්ක මධුෂංක 33, රමේෂ් මධුෂංක 31/5, චාමර ප්රියදර්ශන 30/3)
රේවත විදුහල පළමු ඉනිම - ඕවර 28 කදී කඩුලු 4 ක් දැවී 108
(චාමර ජනසංඛ නොදැවී 30, නදීෂ විරාජ් 35/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.