Last Update  :  2025-04-21 11:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket සංගක්කාර සාධාරණ තක්සේරුවක

සංගක්කාර සාධාරණ තක්සේරුවක

ශනුක අරවින්ද - 2013 අගෝ මස 30 {{hitsCtrl.values.hits}} Views 38 Comment
A A A

සැප්තැම්බර් මස 17 වැනිදා ඉන්දියාවේදී ආරම්භ වන ශූරයන්ගේ වි:20 ලීග් තරගාවලියේදී තමන් කඳුරට මෙරූන්ස් කණ්ඩායම නියෝජනය කරන බව ශූරයන්ගේ වි:20 ලීග් තරගාවලියේ සංවිධායකයන්ට කුමාර් සංගක්කාර විසින් අද (29 වැනිදා) සවස දැනුම් දෙන ලදි.

මෙම තීරණය ගැනීමේදී ශී‍්‍ර ලංකා කි‍්‍රකට් නිලධාරීන් තමන් සම්බන්ධයෙන් කටයුතු  කළ ආකාරය පිළිබඳව දැඩි සේ කණස්සල්ලට පත්ව සිටින සංගක්කාර දීර්ඝ සාකච්ඡ සහ ඇතිවිය හැකි විවිධාකාර තත්ත්වයන් පිළිබඳව සලකා බැලීමෙන් අනතුරුව ශූරයන්ගේ වි:20 තරගාවලියේදී තමන් කඳුරට මෙරූන්ස් පිල නියෝජනය කිරීමට තීරණය කළ බවද ‘කෙළිමඬල’ ට පැවසීය.

අයි. පී. එල්. තරගාවලියේදී කුමාර් සංගක්කාර නායකත්වය දැරූ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමත් පසුගියදා ශී‍්‍ර ලංකාවේදී පැවැති සුපිරි වි:20 තරගාවලියේදී සංගක්කාර නියෝජනය කළ කඳුරට මෙරූන්ස් පිලත් මෙවර ශූරයන්ගේ වි:20 ලීග් තරගාවලිය සඳහා කී‍්‍රඩා කරති.

එබැවින් ශුරයන්ගේ වි:20 තරගාවලියේදී තමන් කී‍්‍රඩා කරන්නේ සන්රයිසස් හයිද්‍රාබාද් පිලටද නැතහොත් කඳුරට මෙරූන්ස් පිලටද යන්න සංගක්කාර විසින් තීරණය කරනු ලැබිය යුතුව තිබිණ.

මේ සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් නිලධාරීන් සමග දීර්ඝව සාකච්ඡ කර ඇති සංගක්කාර වැඩිදුරටත් පවසා සිටියේ ශූරයන්ගේ වි:20 ලීග් තරගාවලියේදී කිසියම් කී‍්‍රඩකයකු විදෙස් කණ්ඩායමක් නියෝජනය කිරීමට තීරණය කළ හොත් එය තමන්ගේ රට ජාතියට ද්‍රෝහී වීමක් නොවන බවයි.

”මෙතන තියෙන්නේ රට නියෝජනය කිරීමක් නොවෙයි. කිසියම් වරලත් කණ්ඩායමක් නියෝජනය කිරීමක්...ඇරත් අයි. පී. එල්. තරගාවලිය ආරම්භයේදී සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම නියෝජනය කරන්න මට අවසර දුන්නේත් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය මයි”යයි සංගක්කාර පැවසීය.

”අනෙක් කාරණය තමයි.. යම් විදිහකින් එස්. එල්. පී. එල්. තරගාවලිය කියපු විදිහට පැවැත්වුණා නම් මට කී‍්‍රඩා කරන්න වෙන්නේ බොහෝ විට ඉන්දීය අයිතියක් සහිත සමාගමක් වෙනුවෙන්. ඒ කණ්ඩායම එස්. එල්. පී. එල් තරගාවලිය ජයගත්තා නම් ශූරයන්ගේ ලීග් තරගාවලියට යන්නේ ඒ කණ්ඩායමයි....ඒ අවස්ථාවෙදි රට නියෝජනය කිරීමක් වෙන්නේ නෑ”

”ශූරයන්ගේ වි:20 ලීග් තරගාවලිය රට නියෝජනය කිරීමක් නොවෙයි....සමාගමක කණ්ඩායමක් තවත්  සමාගමක කණ්ඩායමක් සමග තරග කිරිමක්” යයිද කුමාර් සංගක්කාර වැඩිදුරටත් පැවසීය.

කෙසේ වෙතත් පසුගිය සතිය පුරාම ඇතැම් පුද්ගලයන් විසින් ජන මාධ්‍ය වෙත නිකුත් කළ විවිධ ප‍්‍රකාශයන් මගින් තමා මුදල් පසුපස හඹා යන්නකු බව ලෝකයාට ඒත්තු ගැන්වීමට උත්සාහ කළ බවත්, එනිසා සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම නියෝජනය නොකිරීමෙන් ඇතිවිය හැකි දැවැන්ත මූල්‍ය පාඩුව ගැන නොසිතාම, තමන් කඳුරට මෙරූන්ස් පිල නියෝජනය කිරීමට තීරණය කළ බවත් සංගක්කාර කෙළිමඬලට පැවසීය.

සංගක්කාර සන්රයිසස් හයිද්‍රාබාස් පිල නියෝජනය කිරීමෙන් වැළකී කඳුරට පිල නියෝජනය කළහොත් ඔහුගේ පොරොන්දු මුදලින් ඩොලර් 140,000 ක් කපා හැරේ. එය ශී‍්‍ර ලංකාවේ  මුදලින් රුපියල් එක් කෝටි අසූ ලක්‍ෂය (1,84,80,000) ඉක්මවයි.

සන්රයිසස් හයිද්‍රාබාද් සමාගම විසින් සංගක්කාර මිලදී ගෙන ඇත්තේ ඩොලර් 700,000 ක වාර්ෂික අගයක් මතය. එහෙත් ශූරයන්ගේ ලීග් තරගාවලියේදී සන්රයිසස් පිල නියෝජනය නොකිරීම නිසා සංගක්කාරගේ වාර්ෂික මුදලින් 20 % ක් කපාහැරේ.

”මා වඩාත්ම සැලකිල්ලක් දැක්වූයේ මට අහිමි වන මුදල් ප‍්‍රමාණය ගැන නොවෙයි. විවිධ මාධ්‍ය ඔස්සේ වැරදි පින්තූරයක් පෙන්වමින්, රට වෙනුවෙන් සහ ශී‍්‍ර ලංකාවේ කි‍්‍රකට් කී‍්‍රඩාව වෙනුවෙන් මගේ ඇති ලැදියාව පිළිබඳ මෙහිදී ප‍්‍රශ්න කෙරුණා”

”මගෙන් කිසිදු විමසීමක් කළේත් නෑ....ඒත් මා කඳුරට පිල නියෝජනය කිරීමට සූදානම් බවත්, ඒ සඳහා හයිද්‍රාබාද් පිලෙන් මා නිදහස් කරගැනීම පිළිබඳව සාකච්ඡුා කරන ලෙස මා ඉල්ලා සිටියත් ඔවුන් ඒ සඳහාවත් ඉදිරිපත් වුණේ නෑ” යයිද සංගක්කාර පැවසීය.

ශී‍්‍ර ලංකාවේ වි:20 තරගාවලියේ අවසන් තරගයටත් පෙරම සන්රයිසස් හයිද්‍රාබාද් නියෝජිතයන් තමන් සමග සම්බන්ධ වූ බවත් ඔවුන්ගේ කී‍්‍රඩකයන් 15 දෙනා අතර තමන්ට ස්ථානයක් ඇති බව ස්ථිරවම කී බවත් සංගක්කාර පැවසීය.

 


අදහස් (38)

සංගක්කාර සාධාරණ තක්සේරුවක

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.