Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(දමින්ද විජේසූරිය)
වසර 235 කට වැඩි ඉතිහාසයක් හිමි, ලෝකයේ ක්‍රිකට් නීති සම්පාදනය කරන්නා ලෙසින් සැලකෙන එංගලන්තයේ මාර්ලිබෝන් ක්‍රිකට් සමාජයේ (එම්.සී.සී.) ලෝක ක්‍රිකට් කමිටුවේ සභාපතිවරයා ලෙසින් ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක කුමාර් සංගක්කාර මහතා පත් කර තිබේ. ඔක්තෝබර් මස 02 වැනිදා සිට එම්.සී.සී. ලෝක ක්‍රිකට් කමිටුවේ සභාපති ධූරයට සංගක්කාර මහතා පත්වන්නේ වසර හයක් එම ධූරයේ කටයුතු කළ එංගලන්ත ටෙස්ට් පිලේ හිටපු නායකයකු වන මයික් ගැටිං මහතා වෙනුවෙනි.
2023 ඔක්තෝබර් මස 01 වැනිදා සිට එම්.සී.සී. ක්‍රීඩා සමාජයේ සභාපති ධුරය එංගලන්ත පිලේ හිටපු ක්‍රීඩකයකු මෙන්ම සුප්‍රකට ක්‍රිකට් විස්තර විචාරකයකු වන මාර්ක් නිකලස් මහතා විසින් බාරගනු ලබයි. හිටපු සභාපති ස්ටීවන් ෆ්‍රයි මහතා විසින්, මාක් නිකලස් මහතා නව සභාපතිවරයා ලෙසින් පත්කරන ලදි.
කුමාර් සංගක්කාර මහතා 2021 වසරේ සිටම එම්.සී.සී. ක්‍රිකට් කමිටුවේ සභාපතිවරයා ලෙස කටයුතු කළේය. නව භූමිකාවේදී ඔහු ලෝක ක්‍රිකට් කමිටු සභාපතිවරයා ලෙස මයික් ගැටිං මහතාගේ තනතුර බාරගනී. සෞරව් ගංගුලි (ඉන්දියාව), හෙදර් නයිට් (එංගලන්තය), ජස්ටින් ලැන්ගර් (ඕස්ටේ්රලියාව), ඔයින් මෝගන් (එංගලන්තය) සහ ග්‍රේම් ස්මිත් (දකුණු අප්‍රිකාව) ලෝක ක්‍රිකට් කමිටුවේ සෙසු සාමාජිකයෝ වෙති. එංගලන්ත කාන්තා කණ්ඩායමේ හිටපු නායිකා හෙදර් නයිට් මෙම කමිටුවේ එකම සාමාජිකාව වන්නීය.
කුමාර් සංගක්කාර මහතා මාර්ලිබෝන් ක්‍රිකට් සමාජයේ සභාපති ධූරයට පත්වූ ඉංග්‍රීසි ජාතිකයකු නොවන පළමු තැනැත්තා ද වෙයි. වසර 2019 ඔක්තෝබර් 01 වැනිදා සිට මාර්ල්බෝන් ක්‍රිකට් සමාජයේ සභාපති ධූරයට පත් සංගක්කාර මහතා 2021 සැප්තැම්බර් 30 වැනිදා දක්වා එහි කටයුතු කළේය. මාර්ලිබෝන් ක්‍රිකට් සමාජයේ වසර 235 ක ඉතිහාසයේදී වසරකට වැඩි කලක් සභාපති තනතුරේ කටයුතු කළ තිදෙනාගෙන් සංගක්කාර මහතාද අයෙකි.
වසර 2011 ලෝඩ්ස් ක්‍රීඩා සමාජයේදී කොලින් කවුඩ්රි අනුස්මරණ දේශනය කරමින් ලෝකය පුරා මහත් අවධානයක් දිනාගත් සංගක්කාර මහතා, ඊළඟ වර්ෂයේදී මාර්ලිබෝන් ක්‍රිකට් සමාජයේ යාවජීව සාමාජිකත්වය හිමිකරගත්තේය. එම වසරේදීම එම්.සී.සී. ලෝක ක්‍රිකට් කමිටුවට කැඳවන ලද සංගක්කාර මහතා 2019 දී ක්‍රීඩා සමාජයේ සභාපතිවරයා වීමට පෙර, වසර කිහිපයක්ම ලෝක ක්රිිකට් කමිටුවේ කටයුතු කළේය.
ඡායාරූපය : ලෝඩ්ස් වෙබ් අඩවිය අනුග්රහයෙනි
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.