Last Update  :  2025-03-19 11:05:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket සකීබ් නැවතත් ටෙස්ට් නායකත්වයට

සකීබ් නැවතත් ටෙස්ට් නායකත්වයට

editorial - 2022 ජුනි මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ටෙස්ට් කණ්ඩායමේ නායකත්වයට නැවතත් සකීබ් අල් හසන් පත් කිරීමට බංග්ලාදේශ ක්‍රිකට් මණ්ඩලයට තීරණය කර තිබේ. 2019 වසරේදී නායකයා ලෙස කටයුතු කළ සකිබ් අල් හසන් වසරක තරග තහනමකට ලක්වීමෙන් පසුව නායකත්වයට පත්වූ මොමිනුල් හක් පසුගියදා සිය ධූරයෙන් ඉල්ලා අස්විය. සකීබ්ලේ සහයකයා ලෙස ලිටන් දාස් පත්කර තිබේ.

නායකත්වය සමගින් තමන්ගේ පිතිකරණය හැකියාව වර්ධන කර ගැනීමට නොහැකි වන බැවින් හිටපු නායක මොමිනුල් හක් සිය ධ`රයෙන් ඉවත්වීමට තීරණය කර තිබුණි.

නායකත්වයෙන් ඉවත් වීමට පෙර බංග්ලාදේශ ක්‍රිකට් මණ්ඩලයේ සභාපති නස්මුල් හසන් සමගින් සාකච්ඡා කර මොමිනුල් හක් අවසන් තීරණය ගෙන ඇත.

මොමිනුල් හක්ගේ නායකත්වය යටතේ බංග්ලාදේශ කණ්ඩායම ටෙස්ට් තරග 12 ක් පරායට පත්වී ඇති අතර ජයග්‍රහණය කර ඇත්තේ තරග 3 ක් පමණි. තරග 2 ක් ජය පරාජයෙන් තොරව අවසන්වී ඇත.

නායකත්වයේ පීඩනයත් සමගින් මොමිනුල්ගේ පිතිකරණ දක්ෂතාව පහත වැටුණු අතර මේ වසරේ පැවැති ටෙස්ට් තරග 6 කදී ඔහුට ලබාගැනීමට හැකිවූයේ ලකුණු 162 ක් පමණි.

මෂ්රෆී මොටාසාගෙන් පසුව 2009 වසරේදී පළමු වරට ටෙස්ට් නායකත්වයට පත්වූ සකීබ් වරින් වර තරග 14 කදී බංග්ලාදේශ කණ්ඩායමට නායකත්වය ලබාදී ඇති නමුත් ජයග්‍රහණය කර ඇත්තේ තරග 3 ක් පමණි. තරග 11 ක් පරාජයට පත්ව ඇත.

- 2079


අදහස් (0)

සකීබ් නැවතත් ටෙස්ට් නායකත්වයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.