Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
රෙඞ්බුල් ආයතනය සංවිධානය කරන විශ්ව විද්‍යාල ක්‍රිකට් ලෝක ශූරතා තරගාවලියට සුදුසුකම් ලබාගැනීම සඳහා පැවැත්වෙන පිළුමලුන් පිටුදැකීමේ තරගාවලියේ අද (21 වැනිදා) පැවැති තරගයකදී ව්‍යාපාර සහ තාක්ෂණ ඕස්ටේ්රලියානු විද්‍යාලයීය පිලට එරෙහිව කඩුලු 2 ක ජයක් හිමිකර ගැනීමට ඊසොෆ්ට් මෙට්‍රෝ විශ්ව විද්‍යාල කණ්ඩායම සමත්විය. මෙම තරගය කෝල්ට්ස් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
සචින් ජයවර්ධන (නොදැවී 76) අර්ධ ශතකයක් රැස්කරමින් ඊසොෆ්ට් මෙට්‍රෝ විශ්ව විද්‍යාල කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියේය. ශාලුක සිල්වා කඩුලු 3 ක් ද සජන ද සිල්වා සහ ශෙහාන් නානායක්කාර කඩුලු 2 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.
ඒ.සි.බී.ටී. - ඕවර 20 කදී කඩුලු 7 ක් දැවී ලකුණු 150
(අවිශ්ක ප්‍රනාන්දු 52, මනෝද් භානුක නොදැවී 38, ශාලුක සිල්වා 24/3, සජන ද සිල්වා 16/2, ශෙහාන් නානායක්කාර 17/2)
ඊසොෆ්ට් - ඕවර 19.3 කදී කඩුලු 2 ක් දැවී ලකුණු 154
(සචින් ජයවර්ධන නොදැවී 76, චෙනුත වික්‍රමසිංහ 20, අදීශ තිලංචන 27/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.