Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket සදර්න් බ්‍රේව් පුහුණුකරු මහේල

සදර්න් බ්‍රේව් පුහුණුකරු මහේල

editorial - 2021 මාර් මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

එංගලන්ත ක්‍රිකට් ආයතනය විසින් සංවිධාන කරන “ද හන්ඩ්‍රඩ්” හෙවත් පන්දු සියයේ ක්‍රිකට් තරගාවලියේදී සදර්න් බ්‍රේව් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු වශයෙන් මහේල ජයවර්ධන මහතා කටයුතු කරයි. මෙම තරගාවලියට සම්බන්ධ වන එකම ශ්‍රී ලාංකිකයා මහේල ජයවර්ධන මහතාය.

පළමු වරට පැවැත්වෙන මෙම තරගාවලියට අඩුව සිටි ක්‍රීඩකයින් තෝරා ගැනීම සඳහා පැවැති ක්‍රීඩක වෙන්දේසියට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ 18 දෙනෙක් ලියාපදිංචිවී වූහ. එහෙත් තරගාවලිය සදහා ක්‍රීඩා කරන කණ්ඩායම් 8 න් එකම කණ්ඩායමක් හෝ ශ්‍රී ලංකා ක්‍රීඩකයන් මිලදී ගැනීමට ඉදිරිපත් නොවීය.

කුසල් පෙරේරා, ඉසුරු උදාන, ලසිත් ඇඹුල්දෙණිය, අකිල ධනංජය, ධනංජය ද සිල්වා, නිරෝෂන් දික්වැල්ල, තික්ෂිල ද සිල්වා, වනිදු හසරංග, තිසර පෙරේරා, අසේල ගුණරත්න, භානුක රාජපක්ෂ, දසුන් ශානක, ධනුෂ්ක ගුණතිලක, අවිශ්ක ප්‍රනාන්දු, ළහිරු කුමාර, ළහිරු තිරිමාන්න, කුසල් මෙන්ඩිස්, තිලාන් වලල්ලාවිට යන ක්‍රීඩකයෝ වෙන්දේසියට ඉදිරිපත් වූහ.
 
මෙම තරගාවලිය පසුගිය වසරේ පැවැත්වීමට නියමිතව තිබුනද කොරෝනා වසංගතය හේතුවෙන් තරගාවලිය මේ වසර දක්වා කල්දමන ලදි. එය මේ වසරේ ජූලි 21 වනදා ආරම්භ වීමට නියමිතය.

කාන්තා සහ පිරිමි තරගාවලි දෙකම එකම කාලසීමාවකදී සංවිධාන කර තිබීම මෙම තරගාවලියේ විශේෂත්වයයි. ඒ අනුව ලබන ජූලි 21 වැනිදා ඕවල් ඉන්විසිබල්ස් කාන්තා කණ්ඩායම සහ මැන්චෙස්ටර් ඔරිජිනල්ස් කාන්තා කණ්ඩායම අතර පැවැත්වෙන තරගයෙන් මෙම නව තරග රටාව නිල වශයෙන් ආරම්භ වනු ඇත. ඊට පසුදින එනම් ජූලි 22 වනදා එම කණ්ඩායම් දෙකේම, එනම් ඕවල් ඉන්විසිබල්ස් සහ මැන්චෙස්ටර් ඔරිජිනල්ස් පිරිමි කණ්ඩායම් අතර පැවැත්වෙන තරගයත් සමගින් පිරිමි තරගාවලිය ආරම්භ කෙරෙනු ඇත.

එම තරග දෙකම “ද ඕවල්” ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙන අතර, ශ්‍රී ලංකා පිලේ හිටපු නායක මහේල ජයවර්ධන මහතා පුහුණුකරු වශයෙන් කටයුතු කරන සදර්න් බ්‍රේව් කණ්ඩායමේ පළමු තරගය ජූලි 24 වනදා පැවැත්වීමට නියමිතයි. ටේ‍රන්ට් රොකට්ස් කණ්ඩායමට එරෙහිව එම තරගය පැවැත්වේ.

කණ්ඩායම් 8ක් සහභාගී වන තරගාවලියේ මූලික වටයේ තරග අවසන් වන්නේ අගෝස්තු 18 වනදාය. ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගන්නා කණ්ඩායම කෙළින්ම අවසන් තරගයට සුදුසුකම් ලබාගන්නා පළමු කණ්ඩායම බවට පත්වන අතර ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි සහ තෙවැනි ස්ථාන දිනා ගන්නා කණ්ඩායම් දෙක අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලබාගනු ඇත.

පිරිමි සහ කාන්තා තරගාවලි දෙකම එකම ආකාරයට පැවැත්වෙන අතර අවසන් පූර්ව තරග අගෝස්තු 20 වැනිදා පැවැත්වෙන අතර අවසන් මහා තරගය අගෝස්තු 21 වනදා ලෝඩ්ස් ක්‍රීඩාංගනයේ පැවැත්වීමට සැලසුම් කර තිබේ.


- 2079

 


අදහස් (0)

සදර්න් බ්‍රේව් පුහුණුකරු මහේල

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.