Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket සදීෂාන් - සෙතුම් මහානාමය දිනවති

සදීෂාන් - සෙතුම් මහානාමය දිනවති

editorial - 2021 මාර් මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ කොළඹ මහානාම විදුහල සහ මාතර ශාන්ත සර්වේෂස් විදුහල අතර මාතර උයන්වත්ත ක්‍රීඩාංගණයේදී පැවැති I කාණ්ඩයේ තරගයෙන් ලකුණු 70 ක ජයක් අත්කර ගැනීමට මහානාම විදුහල සමත් විය.

එහිදී මහානාම විදුහලේ සදීෂාන් චමෝද්‍ය (62) අර්ධ ශතකයක් ලබාගත් අතර එම විදුහලේම සෙතුම් කෙනුල ලකුණු 27 කට කඩුලු 6 ක් බිදහෙළමින් දක්ෂ පන්දු යැවීමක නිරත විය.


මහානාම විදුහල - ඕවර 47.3 කදී සියලු දෙනා දැවී 210
(සදීෂාන් චමෝද්‍ය 62, අචින්ත සුපුන් 43, දනජ සඳලිදු 28, සවිඳු කාවින්ද 25, මතීෂ ද සිල්වා 31/3, හසිත අමරසිංහ 36/3)

ශාන්ත සර්වේෂස් විදුහල - ඕවර 50 කදී කඩුලු 8 ක් දැවී 140
(මතීෂ ද සිල්වා 55, චමරිඳු මෙත්සර නොදැවී 33, සෙතුම් කෙනුල 27/6)

-036

 


අදහස් (0)

සදීෂාන් - සෙතුම් මහානාමය දිනවති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.