Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(දමින්ද විජේසූරිය රංගිරි දඹුල්ල ක්‍රීඩාංගණයේ සිට..)
විස්සයි-20 අන්තර්ජාතික තරග 14 කදී සිය හොඳම ඉනිම ප්‍රදර්ශනය කළ සධීර සමරවික්‍රම (51) සහ ඇන්ජලෝ මැතිව්ස් (නොදැවී 42) එක්ව රංගිරි දඹුල්ල ක්‍රීඩාංගණයේදී අද (19 වැනිදා) පැවැති දෙවැනි විස්සයි-20 තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 72 ක ජයක් කරා කැඳවාගෙන ගියහ. ලකුණු 188 ක ඉලක්කයක් කරා ගිය ඇෆ්ඝනිස්ථානු කණ්ඩායම ලකුණු 115 කට දැවී ගියේය.
මෙම ජයත් සමගින් විස්සයි-20 තරගාවලියේ ජයත් 2-0 ක් ලෙසින් මිට මොළවාගත් වනිඳු හසරංග ප්රමුඛ ශ්‍රී ලාංකිකයෝ, තරගාවලි ජයක් සම්බන්ධයෙන් ඇෆ්ඝනිස්ථානුවන් තැබූ අවසන් බලාපොරොත්තුවත් විනාශ කර දැමූහ. තරගාවලියේ ඉතිරි එකම තරගය ලබන බදාදා (21 වැනිදා) රංගිරි දඹුල්ල ක්‍රීඩාංගණයේදීම පැවැත්වෙයි.
ඉලක්කයක කරා යාම ඇරඹූ ඇෆ්ඝනිස්ථානුවන්ට ඇන්ජලෝ මැතිව්ස් දුන්නේ මරු පහරකි. සිය පළමු ඕවරයේදීම හස්රතුල්ලා සසායි දවාගත් ශ්‍රී ලංකා පිලේ හිටපු නායකයා තම දෙවැනි ඕවරයේදී ඊබ්‍රහිම් සද්රාන්ගේ ඉනිම නිමා කළේය. බිනුර ප්‍රනාන්දු සිය මුල්ම ඕවරයේදී කඩුලු 2 ක් දවාගැනීමත් සමගින් ඇෆ්ඝනිස්ථානුවන්ගේ පස්වැනි ඕවරය නිමාවූයේ කඩුලු 5 කට ලකුණු 36 ක් ලෙසිනි.
එතැන් සිට ඇෆ්ඝනිස්ථානුවන්ට තිබුණේ “ලැබුණොත් පාරක් දෙකක් ගහනවා නැතිනම් පුළුවන් විදිහට යනවා” යන අකාරයේ ආකල්පයකි. මොහොමඞ් නබී (27), කරීම් ජනාත් (28) සහ නජිබුල්ලා සද්රාන් (09) එක්ව ඉනිම මැදදී, ලකුණු සංඛ්‍යාව ඉදිරියට ගෙන ගියත් 115 න් ඔබ්බට ඔවුන්ට යා නොහැකි විය.
මේ අතරවාරයේදී වනිඳු හසරංග විස්සයි-20 අන්තර්ජාතික තරග වලදී තම 100 වැනි කඩුල්ල දවාගත්තේය. කරීම් ජනාත් පිටියෙන් ඉවත් කරමින් 101 වැනි කඩුල්ලත් සම්පූර්ණ කළ වනිඳු හසරංග විස්සයි-20 තරග වලදී කඩුලු 100 පසුකළ දෙවැනි ශ්‍රී ලාංකිකයාය. ඔහුට පෙර එවන් දස්කමක් කර තිබුණේ ලසිත් මාලිංග (107 යි) පමණි. විස්සයි-20 තරග වලදී කඩුලු 100 සම්පූර්ණ කළ පන්දු යවන්නන් අතුරින් දෙවැනියට අඩුම තරග සංඛ්‍යාවකින් (63) එම ඉලක්කයට ළඟාවූ පන්දු යවන්නාත් වනිඳු හසරංගය. වේගවත්ම පන්දු යවන්නා වූ ඇෆ්ඝනිස්ථානයේ රෂීඞ් ඛාන් තරග 53 කදී තම 100 වැනි කඩුල්ල දවාගත්තේය.
ශ්‍රී ලංකා ඉනිම අවසානයේදී මැතිව්ස් සහ සමරවික්‍රම එක්ව, හයවැනි කඩුල්ල වෙනුවෙන්, පන්දු 34 කදී ලකුණු 66 ක අගනා සම්බන්ධතාවක් පැවැත්වූ බැවින් ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 187 ක් කරා යා හැකිවිය.
19 වැනි ඕවරයේදී අස්මතුල්ලා ඔමර්සායිට පිට පිටම හයේ පහර 3 කින් සංග්‍රහ කළ මැතිව්ස්, අවසන් ඕවරය යැවූ නවීන් උල් හක්ගෙන් තවත් ලකුණු 09 ක් උදුරා ගත්තේ පන්දු 22 කින් ලකුණු 42 ක් ලබාගනිමිනි. මේ අතරවාරයේදී කණ්ඩායමේ නැංගුරම වූ සධීර සමරවික්‍රම පන්දු 42 කින් ලකුණු 51 ක් ලබාගත්තේ ඊට හතරේ පහර 5 ක් ද ඇතුළත් කරමිනි. එය ඔහුගේ මංගල විස්සයි-20 අර්ධ ශතකය විය.
කාසියේ වාසිය දිනාගත් ඇෆ්ඝනිස්ථානය පිට පිටම දෙවැනි වතාවටත් පළමුවෙන් පන්දු යැවීම තෝර ගත්තේ රාත්රියේදී පින්න වැඩිවන බැවිනි. පින්න වැඩිවන විට පන්දු යැවීම මෙන්ම පන්දු රැකීමත් වඩාත් අසීරුය. එහෙත් ඒ වෙනුවෙන් ශ්‍රී ලංකා මුල් පෙළ පිතිකරුවන් දෙදෙනාගෙන් සද්රාන්ට ලැබුණේ තරමක් දැඩි පිළිතුරකි. ප්‍රහාරාත්මක ඕවර 6 න් ලකුණු 55 ක් උදුරාගත් ශ්‍රී ලංකා පිතිකරුවෝ, ඕවර 10 ක් නිමාවන විට ලකුණු 87 ක් පුවරුවට එකතු කළහ.
නායක වනිඳු හසරංග නැවත වරක් දුම්මල වරම ගත් යකැදුරාගේ භූමිකාවට පිවිසියේය. ඇෆ්ඝනිසථානු පන්දු යවන්නන්ට ඉවක් බවක් නැතිව පහර දෙමින්, පන්දු 9 කින් ලකුණු 22 ක් උදුරාගත් ශ්‍රී ලංකා නායකයා දැවීයාමෙන් පසුව තරමක පසුබෑමක් පෙන්නුම් කළ නමුත්, මැතිව්ස් සහ සමරවික්‍රම දෙදෙනා එය අකාමකා දැමූහ.
ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.