Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
කුමාර් සංගක්කාරගේ විශිෂ්ට පිතිහරඹය නිසා කොළඹ එස්. එස්. සී. කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන තුන්වැනි පළමුපෙළ තරගයේ දෙවැනි දිනය වන අද (23 වැනිදා) ලකු-ණු 400 සීමාව ඉක්මවා ගිය සභාපතිගේ පිලේ පිතිකරුවෝ අද සවස තරගය නතර කරන විට කඩුලූ 5 ක් දැවී ලකුණු 427 ක් ලබාගත්හ.
මෙම ලකුණු සංඛ්‍යාවට විශාලතම දායකත්වය දැරූ සංගක්කාර පන්දු 252 කට මුහුණ දෙමින් ලකුණු 169 ක් ලබාගත්තේ හතරේ පහර 19 කින් සිය ඉනිම සරසමිනි.
ශී‍්‍ර ලංකා කි‍්‍රකට් සභාපතිගේ පිල කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දීම තෝරාගත් නමුත් මෙම තරගය ඊයේ (22 වැනිදා) ආරම්භ කළ නොහැකි වූයේ කී‍්‍රඩාංගණයේ පැවැති අයහපත් තත්ත්වය නිසාය. එබැවින් මුල් දිනයේ සම්පූර්ණ තරග කාලයම අපතේ ගියේය.
සභාපතිගේ පිලේ පළමු කඩුල්ල ලකුණු 33 දී ඇද වැටුණ නමුත් නායක දිමුත් කරුණාරත්න (73) සහ කුමාර් සංගක්කාර දෙදෙනා එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් එක්කළ ලකුණු 122 ක සම්බන්ධතාවයෙන් පසුව සෙසු පිතිකරුවෝ වේගවත් ගමනක නිරත වූහ.
පළමු පෙළ තරගයක් වන මෙම තරගයේදී සාපෙක්‍ෂ වශයෙන් වේගවත් පිතිහරඹයක නිරත වූ සභාපතිගේ පිතිකරුවෝ ඕවරයකදී ලකුණු 4.36 ක වේගයක් රඳවා ගනිමින් පිටියේ පැවැති අයහපත් තත්ත්වය නිසා අපතේ ගිය දිනයක කාලය නැවත අත්පත්කරගැනීමේ වෑයමක නිරත වූහ.
කුමාර් සංගක්කාර සහ මහේල ජයවර්ධන දෙදෙනා තුන්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 174 ක් එක්කර තිබිණ. මහේල පන්දු 127 කින් ලකුණු 82 ක් ලබාගත්තේ හතරේ පහර 10 ක් සහ හයේ පහරක්ද සිය ඉනිමට එක්කරමිනි. මහේලගේ දැවී යාමෙන් පසුව පැමිණි ඇන්ජලෝ පෙරේරා ලකුණු 49 ක් ලබාගත්තේ පන්දු 43 කිනි.
ශී‍්‍ර ලංකා කි‍්‍රකට් සභාපතිගේ පිලේ නායක ඇන්ජලෝ මැතිව්ස් කී‍්‍රඩා නොකරන හෙයින් සභාපතිගේ පිල මෙහෙයවීමේ වගකීමද බාරගෙන සිටි දිමුත් කරුණාරත්න පන්දු 104 කට මුහුණ දීමෙන් පසුව අශාන් පි‍්‍රයන්ජනගේ පන්දුවක් හමුවේ චතුරංග ද සිල්වාට උඩපන්දුවක් දීමෙන් දැවී ගියේය. ඔහුගේ ඉනිමට හතරේ පහර 13 ක් ඇතුළත් විය.
ශී‍්‍ර ලංකා ‘ඒ‘ කණ්ඩායම වෙනුවෙන් සෑම අවස්ථාවකදීම සාර්ථක වූ ඉදිරිපෙළ පිතිකරුවකු වන කෞෂාල් සිල්වා ආරම්භක පිතිකරුවකු වශයෙන් ගෙන ඒමේ අරමුණ ඇතිව අද ඉනිම ආරම්භ කළ නමුත් ඔහුට ලබාගත හැකිවූයේ ලකුණු 8 ක් පමණි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.