Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket සභාපතිගේ පිල තුන්කොන් තරගාවලිය ජයගනී

සභාපතිගේ පිල තුන්කොන් තරගාවලිය ජයගනී

දිලිනි මල්රුක්ෂි - 2013 ඔක් මස 24 {{hitsCtrl.values.hits}} Views 2 Comment
A A A


ශී‍්‍ර ලංකා කණ්ඩායමේ සිම්බාබ්වේ සංචාරය අවලංගු වීම හේතුවෙන් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය සංවිධානය කළ තුන්කොන් පළමු පෙළ තරගාවලියේදී වැඩිම ප‍්‍රසාද ලකුණු සංඛ්‍යාවක් හිමිකරගනිමින් එහි ශූරතාව දිනා ගැනීමට ශී‍්‍ර ලංකා කි‍්‍රකට් සභාපතිගේ පිල අද (24 වැනිදා) සමත් විය.

මෙම තරගාවලියේ තුන්වැනි සහ අවසාන තරගය කොළඹ එස්. එස්. සී. කී‍්‍රඩාංගණයේදී තවමත් පැවැත්වෙමින් තිබෙන නමුත් ශී‍්‍ර ලංකා ‘ඒ’ පිලට එරෙහිව පැවැත්වෙන එම තරගය නිමා වීමටත් මත්තෙන් තමන්ගේ ජය තහවුරු කරගැනීමට සභාපතිගේ පිලේ කී‍්‍රඩකයෝ සමත් වූහ.

එම තත්ත්වය අනුව ලකුණු 376 ක මුල් ඉනිමේ වාසියක් තිබියදීම ශී‍්‍ර ලංකා ‘ඒ’ පිලට එරෙහිව නැවතත් පන්දුවට පහර දීම සඳහා සභාපතිගේ පිලේ පිතිකරුවෝ පිටියට පිවිසියහ. අද සවස තරගය නතර කරන විට සභාපතිගේ පිල සිය දෙවැනි ඉනිම වෙනුවෙන් කිසිවකු නොදැවී ලකුණු 91 ක් ලබා සිටියේය.

පළමු ඉනිමේදී ලකුණු 501 ක් ලබාගත් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් සභාපතිගේ පිල තරගයේ තුන්වැනි දිනය වූ අද ශී‍්‍ර ලංකා ‘ඒ’ කණ්ඩායම ලකුණු 125 කට දවාගැනීමත් සමගම තරගාවලියේ ජයග‍්‍රහණය තමන් සතු කරගත්තේය. ඒ වන විටත් ඔවුන් සතු ප‍්‍රසාද ලකුණු සංඛ්‍යාව 27 ක් ඉක්මවා තිබිණ.

සභාපතිවරයාගේ පිල වෙනුවෙන් අද පෙරවරුවේදී නොදැවී ලකුණු 23 ක් ලබාගත් නුවන් කුලසේකර ශී‍්‍ර ලංකා ‘ඒ’ ඉනිම ආරම්භයේදීම බිඳ වැටුණු කඩුලූ දෙකෙහිම හිමිකරුවා විය. සිය තුන්වැනි පන්දුවේදීම පබසර වඩුගේ දවාගත් කුලසේකර එයින් පන්දු 11 කට පසුව භානුක රාජපක්‍ෂ කඩුල්ල මුවා කිරීමේ වරදට හසුකර ගත්තේය.

කුලසේකර ලබාගත් ආරම්භයෙන් අනගි ප‍්‍රයෝජන ගත් සචිත‍්‍ර සේනානායක (36/4) සහ රංගන හේරත් (23/3) ශී‍්‍ර ලංකා ඒ ඉනිම ලකුණු 125 කට සීමා කළහ.

ලකුණු පුවරුව


අදහස් (2)

සභාපතිගේ පිල තුන්කොන් තරගාවලිය ජයගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.