Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අන්තර් සමාජ පළමු පෙළ ලීග් ක්‍රිකට් තරගාවලියේ ‘ඒ’ ශ්‍රේණිය යටතේ පැවැත්වෙන පළඟ ශූරතාවලියේ තරගාවලියේදී බී.ආර්.සී පිලට එරෙහිව ද්විත්ව ශතකයක් ලබාගනිමින් පිත්තෙන් දස්කම් දැක්වීමට රාගම පිලේ සමීර ද සොයිසා (215) සමත්විය.
මූවර්ස් පිලට එරෙහිව බදුරලිය පිලේ අලංකාර අසංකගේ පිත්තෙන් ඉනිම දෙකෙහිදීම ශතක දෙකක් වාර්තා විය. ආරම්භක පිතිකරුවා ලෙස පිටියට පිවිසි අලංකාර අසංක පළමු ඉනිමේදී නොදැවී ලකුණු 144 ක් ලබාගත් අතර දෙවැනි ඉනිමේදී ලකුණු 151 ක් රැස්කිරීමට ඔහු සමත්විය.
පළඟ ශූරතාවලිය යටතේ තරග 3 ක් බී.ආර්.සී, බ්ලූම්ෆීල්ඞ් සහ මූවර්ස් ක්‍රීඩාංගණ වලදී අද අවසන්වූ අතර එහිදී පළමු ඉනිමේ ජයග්‍රහණ හිමිකර ගැනීමට බදුරලිය, රාගම සහ මීගමුව කණ්ඩායම් සමත්වූහ.
එහිදී මීගමුව පිලේ ප්‍රසංසන ජයමහ (නොදැවී 137), බදුරලිය පිලේ කෝසල කුලසේකර (102), බී.ආර්.සී පිලේ තිලකරත්න සම්පත් (105) ශතකයක් ලබාගනිමින් පිත්තෙන් දස්කම් දැක්වීය.
මීගමුව පිලේ උපුල් ඉන්ද්‍රසිරි සහ රාගම පිලේ අමිල අපෝන්සු කඩුලු 6 බැගින්ද බදුරලිය පිලේ සචිත් පතිරණ කඩුලු 5 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.
බදුරලිය සහ මූවර්ස් කණ්ඩායම් අතර බී.ආර්.සී ක්‍රීඩාංගණයේදී
බදුරලිය පිලට පළමු ඉනිමේ ජයක්
බදුරලිය - පළමු ඉනිම - ඕවර 107.2 කදී සියලුදෙනා දැවී ලකුණු 383
(අලංකාර අසංක නොදැවී 144, සාලින්ද උෂාන් 41, කෝසල කුලසේකර 102, අනුක් ප්‍රනාන්දු 46/3, ශිරාන් ප්‍රනාන්දු 88/4, රමේෂ් මෙන්ඩිස් 43/2)
මූවර්ස් - පළමු ඉනිම - ඕවර 75.5 කදී සියලුදෙනා දැවී ලකුණු 259
(පබසර වඩුගේ 60, රමේෂ් මෙන්ඩිස් 86, තරිඳු කෞෂාල් 26, සචිත් පතිරණ 116/5, නුවන් තුෂාර 37/2, බුද්ධික සංජීව 64/2)
බදුරලිය - දෙවැනි ඉනිම - ඕවර 80.4 කදී කඩුලු 3 ක් දැවී ලකුණු 258
(අලංකාර අසංක 151, පැතුම් මදුශංක 21, නදීර නාවල නොදැවී 72)
බී.ආර්.සී සහ රාගම කණ්ඩායම් අතර බ්ලූම්ෆීල්ඞ් ක්‍රීඩාංගණයේදී
රාගම පිලට පළමු ඉනිමේ ජයක්
බී.ආර්.සී - පළමු ඉනිම - ඕවර 65.5 කදී සියලුදෙනා දැවී ලකුණු 291
(දේශාන් ඩයස් 30, භානුක රාජලක්ෂ 36, රමින්ද විජේසූරිය 24, තිලකරත්න සම්පත් 105, හෂේන් රාමනායක 40, විකුම් සංජය 37, කල්හාර සේනාරත්න 63/4, ජනිත් ලියනගේ 43/2, මොහොමඞ් අලී 45/2)
රාගම - පළමු ඉනිම - ඕවර 141.2 කදී කඩුලු 9 ක් දැවී ලකුණු 430
(ශෙහාන් ප්‍රනාන්දු 28, සමීර ද සොයිසා 215, සමින්ද ප්‍රනාන්දු 56, දිනෙත් තිමෝද්‍ය නොදැවී 64, තිලකරත්න සම්පත් 104/4, දුවිඳු තිලකරත්න 60/3)
බී.ආර්.සී - දෙවැනි ඉනිම - ඕවර 63.4 කදී කඩුලු 8 ක් දැවී ලකුණු 230
(සවින් ගුණසේකර 58, රුමේෂ් බුද්ධික 34, භානුක රාජපක්ෂ 84, රමින්ද විජේසූරිය 29, අමිල අපෝන්සු 50/6)
මීගමුව සහ වරාය අධිකාරිය කණ්ඩායම් අතර මූවර්ස් ක්‍රීඩාංගණයේදී
මීගමුව පිලට පළමු ඉනිමේ ජයක්
මීගමුව - පළමු ඉනිම - ඕවර 102.1 කදී සියලුදෙනා දැවී ලකුණු 365
(ප්‍රසංසන ජයමහ නොදැවී 137, දිලාශ්‍රී ලොකුබණ්ඩාර 33, ඇන්ජලෝ ජයසිංහ 31, සහන් ආරච්චිගේ 69, උපුල් ඉන්ද්‍රසිරි 25, චානක කොමසාරූ 75/4, හෂාන් විමර්ෂන 63/3, චමින්ද බණ්ඩාර 134/2)
වරාය අධිකාරිය - පළමු ඉනිම - ඕවර 89.3 කදී සියලුදෙනා දැවී ලකුණු 280
(යොහාන් ද සිල්වා 51, ප්‍රිමෝෂ් පෙරේරා 70, ප්‍රශාන් වික්‍රමසිංහ 22, ගිහාන් රූපසිංහ 46, චමින්ද බණ්ඩාර 28, උපුල් ඉන්ද්‍රසිරි 68/6, ශෙහාන් ජයසූරිය 79/4)
මීගමුව - දෙවැනි ඉනිම - ඕවර 39.2 කදී කඩුලු 2 ක් දැවී ලකුණු 200
(ලසිත් කෲස්පුල්ලේ 59, ශෙහාන් ජයසූරිය 56, අශේන් සිල්වා නොදැවී 60)
වරාය අධිකාරිය - දෙවැනි ඉනිම - ඕවර 29 කදී කඩුලු 2 ක් දැවී ලකුණු 120
(ප්‍රිමෝෂ් පෙරේරා නොදැවී 58, ඉශාන් රංගන 40)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.