Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
රිසිර ලක්වින් (නොදැවී 128) සහ චිහාන් කලිදු (114) විශිෂ්ට පිතිහරඹය නිසා මාතර ශාන්ත තෝමස් විද්‍යාලය සහ ශාන්ත සර්වේශස් විද්‍යාලය අතර මාතර උයන්වත්ත ක්‍රීඩාංගනයේදී අද (22) ආරම්භ වූ 119 වන ‘රුහුණු මහා නිල් හටන‘ වාර්ෂික මහා ක්‍රිකට් තරගයේ පළමුව පන්දුවට පහර දුන් ශාන්ත සර්වේශස් විදුහල කඩුලු හයක් දැවී ලකුණු 351 ක් ලබා සිටියදී ඉනිම අත්හිටුවීය.
පළමු දිනයේ ක්‍රීඩාව අවසන් කරන විට ශාන්ත තෝමස් විදුහල පළමු ඉනිම සඳහා කඩුල් දෙකක් දැවී ලකුණු 28 ක් රැස්කර සිටියේය.
රිසිර ලක්වින් අනගි ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 163 කදී හතරේ පහර 21 ක් සමගින් නොදැවී ලකුණු 128 ක් රැස්කිරීමට සමත් විය.
ආරම්භක පිතිකරු චිහාන් කලිදු වේගවත් ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 114 කදී ලකුණු 114 ක් රැස්කළේය. එම ලකුණු 114 හතරේ පහර 12 කින් සහ හයේ පහර තුනකින් වර්ණවත් විය.
රිසිර ලක්වින් සහ ශෂික දුල්ෂාන් (45) සිවුවැනි කඩුල්ලට ලකුණු 103 ක සම්බන්ධතාවක් පවත්වමින් ශාන්ත සර්වේශස් විදුහල ප්‍රබල තත්ත්වයකට රැගෙන ආහ.
තෙදින තරගයක් වන මෙම තරගයේ හෙට (23) දෙවැනි දිනයයි.
ශාන්ත සර්වේශස් විදුහල පළමු ඉනිම ඕවර 79 කදී කඩුලු 6 ට 351
(චිහාන් කලිදු 114, රිසිර ලක්වින් නොදැවී 128, ශෂික දුල්ෂාන් 45, පුෂ්පික ඩිල්ෂාන් 26, පසිඳු මනුප්‍රිය 21, සචිර රෂ්මික 78/2, හිරන්ත ලක්ෂාන් 17/2)
ශාන්ත තෝමස් විදුහල පළමු ඉනිම ඕවර 9 කදී කඩුලු 2 ට 28
(චරිත් හර්ෂණ 16/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.