Last Update  :  2025-03-21 20:33:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket සහන් ආරච්චිගේ අගනා පිතිහරඹයක
නැෂනල් සුපර් ලීග්

සහන් ආරච්චිගේ අගනා පිතිහරඹයක

editorial - 2022 මාර් මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

මහනුවර කණ්ඩායම සහ යාපනය කණ්ඩායම අතර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් තරගාවලියේ සිවුවැනි තරගයේ දෙවැනි දිනය (4 වැනිදා) නිමාවට පත්වන විට සිය පළමු ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදෙමින් සිටි යාපනය කණ්ඩායම කිසිවකු නොදැවී ලකුණු 13 ක් ලබා මහනුවර කණ්ඩායමට වඩා ලකුණු 490 ක් පසුපසින් සිටියේය.

පළමු දිනය වූ ඊයේ (3 වැනිදා) කඩුලු 5 ක් දැවී ලකුණු 243 ක් ලබා සිටි මහනුවර කණ්ඩායම අද දිනයේදී කඩුලු 4 ක් අහිමි කරගනිමින් සිය කණ්ඩායමට තවත් ලකුණු 266 ක් එක්කර ගත්හ. කඩුලු 9 ක් දැවී ලකුණු 509 ක් ලබාගැනීමෙන් අනතුරුව සිය ඉනිම අත්හිටවූ මහනුවර ක්‍රීඩකයෝ යාපනය කණ්ඩායමට පන්දුවට පහරදීම සඳහා ආරාධනා කර සිටියහ.

එහිදී දක්ෂ පිතිහරඹයක නිරත වූ සහන් ආරච්චිගේ හතරේ පහර 23 ක් සමග ලකුණු 162 ක් රැස්කළේය. ඕෂද ප්‍රනාන්දු (50), ළහිරු උදාර (50) සහ කසුන් විදුර (67) අර්ධ ශතක ලබාගනිමින් මහනුවර කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීම සඳහා සහන් අනගි සහායක් දුන්හ.


මහනුවර පළමු ඉනිම - කඩුලු 9 ක් දැවී 509
(කමිල් මිෂාර 35, ඕෂධ ප්‍රනාන්දු 50, කමිඳු මෙන්ඩිස් 24, ළහිරු උදාර 50, සහන් ආරච්චිගේ 162, කසුන් විදුර 67, අෂේන් ඩැනියෙල් 38, අවිඤු තීක්ෂණ 28, නිපුන් මාලිංග 68/3, සන්තුෂ් ගුණතිලක 55/2, කසුන් මධුෂංක 78/2)

යාපනය පළමු ඉනිම - කිසිවකු නොදැවී 13


අදහස් (0)

සහන් ආරච්චිගේ අගනා පිතිහරඹයක

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.