Last Update  :  2025-04-02 12:40:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ස්ටාක් වෙනුවට ස්කොට් කැඳවයි

ස්ටාක් වෙනුවට ස්කොට් කැඳවයි

editorial - 2021 දෙසැ මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

තවමත් ටෙස්ට් වරම් දිනා නොමැති වේග පන්දු යවන ක්‍රීඩක ස්කොට් බෝලන්ඩ් අළු බඳුන ටෙස්ට් තරගාවලියේ තෙවැනි තරගය සඳහා කැඳවීමට ඕස්ට්‍රේලියානු  ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන ඇත. 

තිස් දෙහැවිරි ස්කොට් කණ්ඩායමට ඇතුළත්ව ඇත්තේ දෙවැනි ටෙස්ට් තරගය අවසන් වන විට ප්‍රධානම වේග පන්දු යවන්නන් තිදෙනාගේ සේවය ඕස්ට්‍රේලියාවට  අහිමිවීමේ අවදානමක් හටගෙන තිබෙන අවස්ථාවකදීය. 

එක්දින ජාත්‍යන්තර තරග 14 කට සහ විස්සයි-20 ජාත්‍යන්තර තරග 3 කට සහභාගි වී ඇති ස්කොට්, ඕස්ට්‍රේලියානු දේශීය තරගාවලියක් වන ෂෙෆීල්ඩ් පළිහ තරගාවලියේදී වික්ටෝරියා ප්‍රාන්තය නියෝජනය කරමින් නිව් සවුත් වේල්ස් ප්‍රන්තයට එරෙහිව පැවැති තරග දෙකකදී කඩුලු 15 ක් දවාගැනීමට සමත් විය. 

පළමු ටෙස්ට් තරගයෙන් අනතුරුව කණ්ඩායමේ නායක පැට් කමින්ස් කොවිඩ්-19 ආසාදිතයකුගේ සමීපතම ආශ්‍රිතයෙකු බවට හඳුනාගැණුන අතර පළමු ටෙස්ට් තරගය අතරතුරදී ජොෂ් හෙසල්වුඩ් ඇලපතේ ආබාධයකටද, දෙවැනි ටෙස්ට් තරගය අතරතුරදී මිචෙල් ස්ටාක් පිට කොන්දේ ආබාධයකටද ලක් වූහ. 

පැට් කමින්ස් සහ ජොෂ් හෙසල්වුඩ් තෙවැනි ටෙස්ට් තරගය සඳහා යළිත් සංචිතයට ඇතුළත්ව සිටින අතර එහිදී මිචෙල් ස්ටාක්ගේ සේවය ඕස්ට්‍රේලියාවට හිමිවනු ඇතැයි වාර්තා වේ. ටෙස්ට් තරග 5 කින් සමන්විත අළු බඳුන තරගාවලියේ තෙවැනි තරගය මෙම මස 26 වැනිදා මෙල්බර්න් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතය. 

-036 


අදහස් (0)

ස්ටාක් වෙනුවට ස්කොට් කැඳවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.