Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ස්ටැන්ලි ජයසිංහට ආදි නාලන්දා උපහාර

ස්ටැන්ලි ජයසිංහට ආදි නාලන්දා උපහාර

editorial - 2021 අප්‍රේ මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ, දැනට සිටින වයෝවෘද්ධතම ක්‍රිකට් ක්‍රීඩකයා වන ස්ටැන්ලි ජයසිංහ මහතාට උපහාර දැක්වීමේ උත්සවයක් පසුගියදා කොළඹ නාලන්දා විද්‍යාලයීය මලලසේකර ශාලාවේදී පැවැත්විණ.

පළමු පෙළ ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත වූ මුල්ම ශ්‍රී ලාංකිකයන් තිදෙනාගෙන් අයකු ද වූ ස්ටැන්ලි ජයසිංහ මහතා එංගලන්තයේ ලෙස්ටර්ෂයර් ප්‍රාන්ත කණ්ඩායම නියෝජනය කරමින් පළමු පෙළ තරග වලට සහභාගි වූයේය. ශ්‍රී ලංකා කණ්ඩායමේ (1991 දී) හිටපු කළමණාකරුවකු ද වූ ස්ටැන්ලි ජයසිංහ මහතාගෙන් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්ෂේත්‍රයට සිදුවූ මෙහෙවර අගය කරමින් ශ්‍රී ලංකාවේ පළමු ටෙස්ට් නායක බන්දුල වර්ණපුර මහතා ද හිටපු එක්දින නායකයකු වන රොෂාන් මහානාම මහතා ද විශේෂ දේශන දෙකක් පැවැත්වූහ.

උත්සවය අවසානයේදී ආදි නාලන්දීය ක්‍රීඩා සමාජයේ සභාපති, ප්‍රියන්ත දසනායක මහතා විසින් විශේෂ සමරු තිළිණයක් ස්ටැන්ලි ජයසිංහ මහතාට පිළිගන්වන ලදි. උත්සව සංවිධාන කමිටුවේ සභාපති ජයන්ත සෙනෙවිරත්න මහතාත්, ආදි නාලන්දා ක්‍රීඩා සමාජයේ අමරසිරි ගුණසේන සහ ඩී.සී.සූරියාරච්චි යන මහත්වරුද ඡායාරූපයේ සිටිති.

ආදි නාලන්දා ක්‍රීඩා සමාජය විසින් මෙම උපහාර උත්සවය සංවිධානය කරන ලදි.


ඡායාරූප : ගයාන් අමරසේකර

- 213


අදහස් (0)

ස්ටැන්ලි ජයසිංහට ආදි නාලන්දා උපහාර

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.