Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
එංගලන්තයේ තුන් ඉරියව් ක්‍රීඩක බෙන් ස්ටෝක්ස්ගේ පියාණන් වන ජෙරාඩ් ස්ටෝක්ස් මහතා අභාවප්‍රාප්ත විය. නවසීලන්තයේ ජාත්‍යන්තර මට්ටමේ රග්බි ලීග් ක්‍රීඩකයෙකුව සිටි ජෙරාඩ් ස්ටෝක්ස් මොළයේ පිළිකාවක් හේතුවෙන් පීඩා වින්දේය.
1980 දශකයේ එංගලන්තයේ රග්බි ලීග් ක්‍රීඩා කර පුහුණුකරුවෙකු ලෙස ආපසු නවසීලන්තයට පැමිණි ස්ටොක්ස් මොළයේ පිළිකාවකින් පෙළෙන බව පසුගිය ජනවාරියේදී හඳුනා ගන්නා ලදී.
නවසීලන්තයේදී උපන් බෙන් ස්ටෝක්ස්ට පසුගිය එංගලන්ත ගිම්හානයේදී පාකිස්තානයට එරෙහිව පැවැති ටෙස්ට් තරග කිහිපයක්ම මග හැරුණේ ක්‍රයිස්ට්චර්ච්හි සිටි සිය පියා බැලීමට යාම නිසාය. තම පියා සමග මාස කිහිපයක් ගතකළ බෙන් අනතුරුය අයි.පී.එල්. තරගාවලියට සහභාගි වීම සඳහා ඩුබායි කරා පියාසර කළේය.
එංගලන්ත කණ්ඩායමේ දකුණු අප්‍රිකානු සංචාරයේදී විස්සයි-20 තරග තුනටම ක්‍රීඩා කළ ස්ටෝක්ස් එක්දින තරගාවලියේදී විවේක ගන්වනු ලැබීය. එහෙත් දකුණු අප්‍රිකා - එංගලන්ත එක්දින තරගාවලිය ආරම්භ නොකරම අතහැර දමන ලදි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.