Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
නායකත්වයේ අසමසම වාර්තාවක් බිහිකළ ස්ටීවන් ස්මිත් නොදැවී ශතකයක් වාර්තා කරමින් කාල්ටන් මිඞ් තුන්කොන් දිවාරාත‍්‍රී එක්දින තරගාවලියේ එංගලන්තයට එරෙහිව හොබාර්ට්හි බෙලරිව් ඕවල් ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී අද පැවැති තරගයෙන් කඩුලූ 3 ක ජයක් කරා ඕස්ටේ‍්‍රලියාව රැගෙන ගියේය.
තරගය නිමාවනවිට පන්දු 95 කට මුහුණදී හතරේ පහර 6 කින් සහ හයේ පහරකින් සිය ඉනිම අලංකාර කළ ස්මිත් නොදැවී ලකුණු 102 ක් ලබා සිටියේය.
පළමුව පන්දුවට පහරදුන් එංගලන්තය කඩුලූ 8 ක් දැවී රැස් කළ ලකුණු 303 හඹාගිය ඕස්ටේ‍්‍රලියානු පිල තරගයෙන් ජයගත්තේ එක් පන්දුවක් ඉතිරිව තිබියදීය. මේ ජයග‍්‍රහණයත් සමග ඕස්ටේ‍්‍රලියාව තුන්කොන් තරගාවලියේ තව දුරටත් අපරාජිත පෙරමුණ රැක ගත්තේය.
ඕස්ටේ‍්‍රලියානු ඉනිමේ මුලූ ලකුණු සංඛ්‍යාව 76 ක්ව තිබියදී ඒරන් ෆින්ච් (32) මුයින් අලීගේ පන්දුවකට දැවීයාමෙන් පසුව පිටියට පැමිණි නායක ස්මිත් අද වාර්තා කළේ ඔහුගේ එක්දින තරග දිවියේ තුන්වැනි ශතකයයි.
ඕස්ටේ‍්‍රලියානු එක්දින පිලේ නව නායකයා ලෙස පළමුවරට අද තරගයට සහභාගීවූ ස්මිත් නායකත්වයේ පළමු තරගයේදීම ශතකයක් වාර්තා කිරිමට සමත් විය. ස්මිත් ඕස්ටේ‍්‍රලියානු ටෙස්ට් පිලේ නායකයා ලෙසත් සහභාගිවූ පළමු ටෙස්ට් තරගයේදීම ශතකයක් රැස් කර තිබිණි. එබැවින් ටෙස්ට් හා එක්දින තරග දෙකේදීම නායකත්වය බාරගත් පළමු අවස්ථාවේදි ශතකයක් රැස් කිරිම දුර්ලභ වාර්තාවකි.
ක‍්‍රිස් වෝක්ස් යැවූ ඕස්ටේ‍්‍රලියානු ඉනිමේ පළමු පන්දුවටම හතරේ පහරකින් සංග‍්‍රහ කළ ෆින්ච් පළමු ඕවර කිහිපය තුල ලකුණු ලබාගැනීමේ වේගය හොඳින් පවත්වාගෙන යාමේ උත්සාහයක නිරතවිය. ඔහු සහ ෂෝන් මාෂ් අතර පළමු කඩුල්ලට ලකුණු 76 ක සම්බන්ධතාවක් ගොඩනැගිණි.
එහෙත් ඕස්ටේ‍්‍රලියානු ඉනිමේ 17 වැනි ඕවරය යැවූ ස්ටීවන් ෆින් එම ඕවරය තුල දී මාෂ් (45) හා කැමරන් වයිට් (0) දවාලමින් ප‍්‍රතිවාදී පිල දරුණු පීඩනයකට හසු කළේය. එම ඕවරයේදීම අවසන් පන්දුවට ග්ලෙන් මැක්ස්වෙල් දවාලීමට තිබූ අනගි අවස්ථාවක් ෆින්ට මඟ හැරුණේ ෂෝර්ට් මිඞ්විකට් කලාපයට මැක්ස්වෙල් දුන් උඩපන්දුව ජෙම්ස් ඇන්ඩර්සන් වෙතින් ගිලිහී යාම නිසාය.
ලද අවසරයෙන් ඵල නෙලාගත් මැක්ස්වෙල් (37) සිය නායකයාට උපරිම සහාය දෙමින් සිවුවැනි කඩුල්ලට ලකුණු 69 ක සම්බන්ධතාවක් ගොඩනැගුවේය. අනතුරුව ජේම්ස් ෆෝක්නර් (35) හා එක්ව පස්වැනි කඩුල්ලට ලකුණු 55 ක සම්බන්ධතාවක්ද, පන්දු 29 කදී වේගවත් ලකුණු 42 ක් රැස් කළ බ‍්‍රැඞ් හැඩින් සමග 6 වැනි කඩුල්ලට ලකුණු 81 ක සම්බන්ධතාවක් ද ගොඩ නැගීමට නායක ස්මිත් සමත්විය.
තරගයේ මුල් භාගයේදී වේගපන්දු යවන්නන්ට පන්දුව දෝලනය කිරීමට හැකිවනු ඇතැයි බලාපොරොත්තුවෙන් කාසියේ වාසිය දිනූ ඕස්ටේ‍්‍රලියානු පිලේ නායක ස්ටීවන් ස්මිත් පළමුව පන්දුවට පහරදීමේ අවස්ථාව එංගලන්තයට පිරිනැමුවේය. එහෙත් ස්මිත්ගේ අපේක්‍ෂා බිඳ දැමූ බෙල් හා මුයින් අලී ආරම්භයේ සිටම ඉතා සාර්ථකව ප‍්‍රතිවාදී වේගපන්දු යවන්නන් පස්සේ හඹායාමට පටන් ගත්හ.
පැට් කමින්ස් යැවූ ඉනිමේ 9 වැනි ඕවරයේ දී පිට පිට හයේ පහර තුනකින් සංග‍්‍රහ කළ මුයින් අලී ඕවර 17 ක් තුළ එංගලන්ත ඉනිම ලකුණු 111 දක්වා ඉහළ දැමීමට අනගි දායකත්වයක් දුන්නේය.
ලකුණු 45ක් ලබා සිටියදී අලී දැවී ගියේ පළමු කඩුල්ලට ලකුණු 113 ක සම්බන්ධතාවක් ගොඩනැගීමෙන් පසුවය. අනතුරුව පැමිණි ජේම්ස් ටේලර් (5) වැඩිවේලා පිටියේ රැුඳී සිටියේ නැත. ඔහුගේ දැවීයාමෙන් පසුව බෙල් සමග එක්වූ ජෝ රූට් සිවුවැනි කඩුල්ලට ලකුණු 121 ක සම්බන්ධතාවක් ගොඩනගා ගත්තේය.
මුලූ ලකුණු සංඛ්‍යාව 253 ක්ව තිබියදී බෙල් දැවීගියේ 42 වැනි ඕවරය යැවූ ගුරින්දර් සන්ධුගේ පන්දුවකටය. පන්දු 125කට මුහුණදී බෙල් රැුස් කළ ලකුණු 141 කට හතරේ පහර 15 ක් සහ හයේ පහරක් එක්වී තිබිණි. ඔහු එක්දින ශතකයක් වාර්තා කළේ වසර දෙකකට ආසන්න කාලයකට පසුවය.
බෙල්ගේ දැවීයාමෙන් පසුව එංගලන්ත පිල කඩා වැටීමට පටන් ගත්තේය. ඒ ඕවරයේදීම නායක ඔයින් මෝගන් ලකුණු ලැබීමටත් පෙර දවාගැනීමට සන්ධු සමත්විය. ඉතිරි ඕවර 8 දී එංගලන්ත පිලට රැස් කිරිමට හැකිවූයේ ලකුණු 50 ක් පමණි. ඒ අතරතුර ඔවුන්ගේ කඩුලූ 5ක්ම බිඳ වැටී තිබිණි.
එංගලන්තය ඕවර 50 දී කඩුලූ 8 ට 303
(ඉයන් බෙල් 141, ජෝ රූට් 69, මුයින් අලී 45, ගුරින්දර් සන්ධු 49/2)
ඕස්ටේ‍්‍රලියාව ඕවර 49.5 දී කඩුලූ 7 ට 304
(ස්ටීවන් ස්මිත් නොදැවී 102, ෂෝන් මාෂ් 45, බ‍්‍රැඞ් හැඩින් 42, ග්ලෙන් මැක්ස්වෙල් 37, මුයින් අලි 50/2, ක‍්‍රිස් වෝක්ස් 58/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.