Last Update  :  2025-03-21 20:33:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket සා. තෝමස් - ශා. ජෝන් තරගය ජය පැරදුමෙන් තොරයි

සා. තෝමස් - ශා. ජෝන් තරගය ජය පැරදුමෙන් තොරයි

editorial - 2022 මාර් මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


අන්තර් පාසල් වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල සහ යාපනය ශාන්ත ජෝන් විදුහල අතර යාපනයේදී පැවැති තරගය ජය පැරදුමකින් තොරව නිමාවට පත්විය.

එහිදී සාන්ත තෝමස් විදුහලේ මලිත් පෙරේරා  (නොදැවී 100) පන්දු 129 කදී හයේ පහර 4 ක් සහ හතරේ පහර 10 ක් සමග ශතකයක් ලබාගත් අතර රොමේෂ් මෙන්ඩිස් පන්දු 124 කදී හතරේ පහර 12 ක් සමග ලකුණු 93 ක් ලබා සිටියදී දැවී ගියේය. 
 
පළමුවෙන් පන්දුවට පහරදුන් ශාන්ත ජෝන් විදුහල ඕවර 58.2 ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 132 ක් ලබාගත් අතර එහිදී දක්ෂ පන්දු යැවීමක නිරත වූ අතීෆ් සිද්ධික් ලකුණු 44 කට කඩුලු 5 ක් දවාගත්තේය.
 
ශාන්ත ජෝන් විදුහල් පළමු ඉනිම - ඕවර 58.2 කදී සියලු දෙනා දැවී 132 
(සචින් ඇන්ඩසන් 25, අතීෆ් සිද්ධික් 44/5, මනිත් පෙරේරා 22/3) 

 
සාන්ත තෝමස් විදුහල් පළමු ඉනිම - ඕවර 64.1 කදී කඩුලු 7 ක් දැවී 279 
(රයන් ප්‍රනාන්දු 25, රොමේෂ් මෙන්ඩිස් 93, මලිත් පෙරේරා නොදැවී 100, ඇන්ටන් අභිෂේක් 27/2, ජේ.ඊ. අධ්නාත් 63/3) 

 
ශාන්ත ජෝන් විදුහල් පළමු ඉනිම - ඕවර 6 කදී කඩුලු 2 ක් දැවී 17 
 

 

-036


අදහස් (0)

සා. තෝමස් - ශා. ජෝන් තරගය ජය පැරදුමෙන් තොරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.