Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අන්තර් පාසල් වයස 15 න් පහළ ‘සිංගර් කුසලාන’ සීමිත ඕවර ක්‍රිකට් තරගාවලියේ II වැනි කාණ්ඩයේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල් ‘බී’ කණ්ඩායම සමත් විය.
ගොඩිගමුව ක්‍රීඩාංගණයේදී පැවැති පෙර අර්ධ අවසන් පූර්ව වටයේ තරගයකදී මීගමුව ලොයෙලා විදුහලට එරෙහිව ලකුණු 59 ක ජයක් අත්කර ගනිමින් සාන්ත තෝමස් විදුහල් ‘බී’ කණ්ඩායම අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්තේය.
එහිදී සාන්ත තෝමස් විදුහල වෙනුවෙන් දක්ෂ පන්දු යැවීමක නිතර වූ සාන්ත තෝමස් විදුහලේ යොහාන් ප්‍රනාන්දු ලකුණු 16 කට කඩුලු 4 ක් දවාගනිමින් සිය කණ්ඩායමේ ජයග්‍රහණය පහසු කළේය.
සාන්ත තෝමස් විදුහල් ‘බී’ පිල - ඕවර 50 කදී කඩුලු 8 ක් දැවී 227
(නෙත්මාල් දසනායක 43, අෂේන් පෙරේරා 33, යුමාල් බොල්ලේගල 21, ඇලන් රවිචන්ද්‍රන් 20, හංසජ විශ්වජිත් 48/3)
ලොයෙලා විදුහල - ඕවර 43.4 කදී සියලු දෙනා දැවී 168
(සමීන් නෝනිස් 30, ෂෙවෝන් හේරත් 23, දිමුතු අනුෂ්ක 21, හංසජ විශ්වජිත් 20, යොහාන් ප්‍රනාන්දු 16/4, නෙත්මාල් දසනායක 17/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.