Last Update  :  2025-04-21 20:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket සා.තෝමස් විද්‍යාලය පෙර අ.අ. පූර්ව වටයට

සා.තෝමස් විද්‍යාලය පෙර අ.අ. පූර්ව වටයට

Nisanka Sandeepani - 2019 මාර් මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ පෙර අර්ධ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබාගැනීමට ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය ඊයේ (14 වැනිදා) සමත්විය.

ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලීය ක්‍රීඩාංගණයේදී පැවැති පෙර අර්ධ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබාගැනීමේ තරගයකදී කොළඹ ඉසිපතන විද්‍යාලයට එරෙහිව කඩුලු 8 ක ජයක් ලබාගැනීමට සාන්ත තෝමස් විද්‍යාලය සමත්විය. 

විශිෂ්ට පන්දු යැවීමක නිරතවූ කළණ පෙරේරා ලකුණු 30 කට කඩුලු 7 ක් දවාගනිමින් ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය පෙර අර්ධ අවසන් පූර්ව වටය සඳහා ගෙන යෑමට සමත්විය. එම විද්‍යාලයේම සිතාර හපුහින්න (54) අර්ධ ශතකයක් ලබාගනිමින් පිත්තෙන් දස්කම් දැක්වීය.

ඉසිපතන විද්‍යාලය - ඕවර 27.2 කදී සියලුදෙනා දැවී ලකුණු 106
(රවීන් දන්ත 52, රවිඳු රත්නායක 21, කළණ පෙරේරා 30/7, ශැනන් ප්‍රනාන්දු 27/2)

සා.තෝමස් විද්‍යාලය - ඕවර 14 කදී කඩුලු 2 ක් දැවී ලකුණු 108
(සිතාර හපුහින්න 54, රවිඳු ද සිල්වා 20)


අදහස් (0)

සා.තෝමස් විද්‍යාලය පෙර අ.අ. පූර්ව වටයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.