Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket සාන්ත තෝමසුවෝ ඉනිමක ජයක් ලබති

සාන්ත තෝමසුවෝ ඉනිමක ජයක් ලබති

editorial - 2020 පෙබ මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහල සහ ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල අතර සාන්ත තෝමස් විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති I කාණ්ඩයේ තරගයෙන් ඉනිමක සහ ලකුණු 48 ක ජයක් අත්කර ගැනීමට සාන්ත තෝමස් විදුහල සමත් විය.

එහිදී සාන්ත තෝමස් විදුහලේ ශලීන් ද මෙල් (66) සහ මනිෂ රූපසිංහ (57) අර්ධ ශතක ලබාගත් අතර එම විදුහලේම තෙවින් ඊරියගම සහ දුල්මින් රත්නායක කඩුලු 6 බැගින් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.

ධර්මාශෝක විදුහල් පළමු ඉනිම - ඕවර 43 කදී සියලු දෙනා දැවී 134
(සසිදු මල්ෂාන් 40, හසිත රාජපක්ෂ 24, චමිදු ඩිල්ෂාන් 24, තෙවින් ඊරියගම 14/4, යසිරු රොද්‍රිගු 32/2, දුල්මින් රත්නායක 33/2)

සාන්ත තෝමස් විදුහල් පළමු ඉනිම - ඕවර 46 කදී කඩුලු 8 දැවී 310
(ශලීන් ද මෙල් 66, මනිෂ රූපසිංහ 57, දුල්මින් රත්නායක 48, උමයංග සුවාරිස් 47, ශමිල්ක කරුණාතිලක 37, සහන් සංකල්ප 78/4, ලොහාන් අරෝෂන 123/4)

ධර්මාශෝක විදුහල් දෙවැනි ඉනිම - ඕවර 34.4 කදී සියලු දෙනා දැවී 128
(සනුල් සමීන් 30, රන්දුල් සමරහේවා 28, චානක ජනංග 23, දුල්මින් රත්නායක 27/4, ශමිල්ක වික්‍රමතිලක 19/3, තෙවින් ඊරියගම 16/2)

-036

 


අදහස් (0)

සාන්ත තෝමසුවෝ ඉනිමක ජයක් ලබති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.