Last Update  :  2025-04-22 20:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket සාලින්ද - ලසිත් ශතක ලබති

සාලින්ද - ලසිත් ශතක ලබති

සංජය එරමුදුගොඩ - 2019 ජන මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් සමාජ පළමු පෙළ ලීග් ක්‍රිකට් තරගාවලියේ ‘ඒ’ ශ්‍රේණිය යටතේ පැවැත්වෙන පළඟ ශුරතාවලිය අද (18 වැනිදා) ආරම්භවූ අතර එහිදී බදුරලිය කණ්ඩායමේ සාලින්ද උෂාන් (103) සහ මීගමුව කණ්ඩායමේ ලසිත් කෲස්පුල්ලේ (157) ශතක ලබාගැනීමට සමත්වූහ.

පන්දු 179 කට මුහුණදුන් සාලින්ද උෂාන් හයේ පහරක් සහ හතරේ පහර 9 ක් සමගින් ලකුණු 103 ක් රැස්කළ අතර ලසිත් කෲස්පුල්ලේ පන්දු 205 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 20 ක් සමගින් ලකුණු 157 ක් රැස්කිරීමට සමත්විය.

පළඟ ශුරතාවලිය යටතේ තරග 3 ක් කෝල්ට්ස්, කටුනායක මේරියන්ස් සහ බ්ලූම්ෆීල්ඞ් ක්‍රීඩාංගණ වලදී අද ආරම්භවිය.


බදුරලිය සහ වරාය අධිකාරි කණ්ඩායම් අතර කෝල්ට්ස් ක්‍රීඩාංගණයේදී

බදුරලිය 338/7

බදුරලිය - පළමු ඉනිම - ඕවර 91 කදී කඩුලු 7 ක් දැවී ලකුණු 338
(සාලින්ද උෂාන් 103, ටටේන්ඩ ටයිබු 45, සචිත් පතිරණ 23, දෙනුවන් රාජකරුණා නොදැවී 88, කෝසල කුලසේකර නොදැවී 29, ඉමේෂ් උදයංග 106/4, චානක කොමසාරූ 116/2)


මීගමුව සහ රාගම කණ්ඩායම් අතර කටුනායක මේරියන්ස් ක්‍රීඩාංගණයේදී

මීගමුව පිල 312/3

මීගමුව - පළමු ඉනිම - ඕවර 90 කදී කඩුලු 3 ක් දැවී ලකුණු 312
(ලසිත් කෲස්පුල්ලේ 157, අශේන් සිල්වා 46, ප්‍රසන්න ජයමාන්න නොදැවී 63, ඇන්ජලෝ ජයසිංහ නොදැවී 21)


මූවර්ස් සහ බී.ආර්.සී කණ්ඩායම් අතර බ්ලූම්ෆීල්ඞ් ක්‍රීඩාංගණයේදී

මූවර්ස් 321, බී.ආර්.සී 47/1

මූවර්ස් - පළමු ඉනිම - ඕවර 75.5 කදී සියලුදෙනා දැවී ලකුණු 321
(පබසර වඩුගේ 68, චරිත කුමාරසිංහ 21, චාමර සිල්වා 81, ළහිරු අත්තනායක 45, අනුක් ප්‍රනාන්දු 53, දුවිඳු තිලකරත්න 41/3, තිලකරත්න සම්පත් 93/3, මොහොමඞ් ශිරාස් 85/2)

බී.ආර්.සී - පළමු ඉනිම - ඕවර 12 කදී කඩුල්ලක් දැවී ලකුණු 47
(දේශාන් ඩයස් නොදැවී 21)

 


අදහස් (0)

සාලින්ද - ලසිත් ශතක ලබති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.