Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ඉන්දියාව සහ බටහිර ඉන්දීය කොදෙව් පිල අතර පැවැත්වෙන තරග 5 කින් සමන්විත එක්දින තරගාවලිය සඳහා කොදෙව් පිල නියෝජනය කළ ප‍්‍රවීණ කී‍්‍රඩකයන් තිදෙනකු වන මාලන් සැමුවෙල්ස්, ඞ්වේන් ස්මිත් සහ ජෙරම් ටේලර් නැවත කණ්ඩායමට කැඳවා තිබේ.
මේ වසරේ පැවැති බංගලාදේශ සහ නවසීලන්ත තරගාවලි වලදී කණ්ඩායමෙන් ඉවතට විසිවීමෙන් පසු මාලන් සැමුවෙල්ස් සහ ඞ්වේන් ස්මිත් නැවත කණ්ඩායමට එක්වන පළමු අවස්ථාව ලෙස මෙය හැදින්විය හැක.
ජෙරම් ටේලර් අවසන් වරට කොදෙව් පිල නියෝජනය කරමින් එක්දින ජාත්‍යන්තර තරගයකට සහභාගි වී ඇත්තේ 2010 වසරේදීය. ඉන් පසුව හටගත් ආබාධ තත්ත්වයක් නිසා ඔහුට ජාත්‍යන්තර තරග වලට සහභාගී වීමේ අවස්ථාව අහිමිවී ගියේය.
කොදෙව් පිලේ නිත්‍ය ආරම්භක පිතිකරු කි‍්‍රස් ගේල්, ශාරීරික ආබාධයක් හේතුවෙන් මෙම තරගාවලියට සහභාගී නොවන අතර ඔහුගේ ස්ථානය සඳහා ගයානා ප‍්‍රාන්තය නියෝජනය කරන ආරම්භක පිතිකරුවකු වන ලියොන් ජොන්සන් කණ්ඩායමට කැඳවා තිබේ. ඉකුත් මාසයේදී සහභාගී වූ සිය මංගල ටෙස්ට් තරගයේදීම බංගලාදේශ පිලට එරෙහිව අර්ධ ශතකයක් ලබාගැනීමට ඔහු සමත්විය.
තවද මෙම තරගාවලියේදී කොදෙව් පිලේ මැද පෙළ පිතිකරුවකු වන කර්ක් එඞ්වඞ්ස් සහ නිකිතා මිලර්ටද කණ්්ඩායමේ ස්ථාන අහිමි වී තිබේ.
දෙරට අතර පැවැත්වෙන පළමු එක්දින ජාත්‍යන්තර තරගය ලබන 8 වැනිදා කොච්චිහිදී පැවැත්වීමට නියමිතය.
බටහිර ඉන්දීය කොදෙව් සංචිතය
ඞ්වේන් බ‍්‍රාවෝ (නායක), ඩැරන් බ‍්‍රාවෝ, ජේසන් හොල්ඩර්, ලියොන් ජොන්සන්, සුනිල් නරේන්, කිරන් පොලාඞ්, ඩිනේෂ් රැුම්ඩින්, රවී රාම්පාල්, කේමර් රොච්, ඇන්ඩි‍්‍ර රසල්, ඩැරන් සැමී, මාලන් සැමුවෙල්ස්, ලෙන්ඞ්ල් සිමන්ම්, ඞ්වේන් ස්මිත්, ජෙරම් ටේලර්
036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.