Last Update  :  2025-03-16 18:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket සිම්බාබ්වේ පිල ලෝක කුසලානයෙන් ඉවතට

සිම්බාබ්වේ පිල ලෝක කුසලානයෙන් ඉවතට

editorial - 2023 ජුලි මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

එක්දින ලෝක කුසලාන තරගාවලියට සුදුස්සන් තේරීම සඳහා සිම්බාබ්වේහි පැවැත්වෙන සුදුසුකම් ලැබීමේ තරගාවලියේ සුපිරි 6 දෙනාගේ වටය යටතේ සිම්බාබ්වේ සහ ස්කොට්ලන්තය අතර ඊයේ (4 වැනිදා) බුලවායෝහිදී පැවැති තරගයෙන් 31 ක ජයක් වාර්තා කිරීමට ස්කොට්ලන්තය සමත් විය. 

ජයග්‍රහණය සඳහා ලකුණු 235 ක ඉලක්කයක් හඹාගිය සිම්බාබ්වේ පිලට ඕවර 41.1 අවසානයේ සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 203 ක් පමණි. මෙම පරාජයත් සමග සිම්බාබ්වේ කණ්ඩායමට මෙවර ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබාගැනීමට තිබූ අවස්ථාව අහිමිවී ගියේය. 

ස්කොට්ලන්තය - ඕවර 50 කදී කඩුලු 8 ක් දැවී 234  
(ක්‍රිස්ටෝපර් මැක්බ්‍රයිඩ් 28, මැතිව් කෘස් 38, බ්‍රෙන්ඩන් මැක්මුලන් 34, ජොජ් මුන්සෙ 31, මයිකල් ලීසැක් 48, මාක් වයට් නොදැවී 21, ෂෝන් විලියම්ස් 41/3, ටෙන්ඩායි චටාරා 46/2) 

සිම්බාබ්වේ - ඕවර 41.1 කදී සියලු දෙනා දැවී 203 
(සිකන්දර් රාසා 34, රයන් බර්ල් 83, වෙස්ලි මැධිවේරි 40, ක්‍රිස් සෝල් 33/3, බ්‍රෙන්ඩන් මැක්මුලන් 31/2, මයිකල් ලීසැක් 33/2) 

-036


අදහස් (0)

සිම්බාබ්වේ පිල ලෝක කුසලානයෙන් ඉවතට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.