Last Update  :  2025-02-05 14:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket සිම්බාව්වේ පිල ‘බී’ කාණ්ඩයේ තෙවැනි තැනට
විස්සයි-20 ලෝක කුසලාන

සිම්බාව්වේ පිල ‘බී’ කාණ්ඩයේ තෙවැනි තැනට

editorial - 2022 ඔක් මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

පැවැත්වෙන විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12 දෙනාගේ වටයේ අද (27 වැනිදා) පැවැති තරගයකදී පාකිස්තානයට එරෙහිව ලකුණක තියුණු ජයක් ලැබූ සිම්බාව්වේ කණ්ඩායම ‘බී’ කාණ්ඩයේ ලකුණු සටහනේ තෙවැනි ස්ථානය දක්වා ඉහළට පැමිණියේය. 

මෙතෙක් සහභාගි වූ තරගය දෙකම ජයගෙන සිටින ඉන්දියාව ලකුණු 4 ක් ලබා ‘බී’ කාණ්ඩයේ පෙරමුණේ රැදී සිටියි. තරගයක් ජය ගෙන, තරගයක් විසඳුමකින් තොරව අවසන් කරගෙන සිටින දකුණු අප්‍රිකානුවෝ ලකුණු 3 ක් සමග එහි දෙවැනි ස්ථානයේ පසුවෙති. 

සිම්බාබ්වේ කණ්ඩායම හමුවේ ලැබූ පරාජයත් සමග පිට පිට තරග 2 ක් පරාජයට පත්ව සිටින පාකිස්තානය ‘බී’ කාණ්ඩයේ 5 වැනි ස්ථානය දක්වා පහළට ඇද වැටිණ. එක් තරගයක් ජය ගෙන ලකුණු 2 ක් ලබා සිටින බංග්ලාදේශය පසුවන්නේද පාකිස්තානයට වඩා ඉහළනි. 

-036


අදහස් (0)

සිම්බාව්වේ පිල ‘බී’ කාණ්ඩයේ තෙවැනි තැනට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.