Last Update  :  2025-04-22 20:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket සී.සී..සී පිල සුපිරි වටයේ පෙරමුණ ගනී

සී.සී..සී පිල සුපිරි වටයේ පෙරමුණ ගනී

Nisanka Sandeepani - 2019 ජන මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් සමාජ පළමු පෙළ ලීග් ක්‍රිකට් තරගාවලියේ ‘ඒ’ ශ්‍රේණිය යටතේ පැවැත්වෙන සුපිරි 8 දෙනාගේ වටයේ පෙරමුණ ගැනීමට ප්‍රසාද ලකුණු 58.95 ක් ලබාගත් සී.සී.සී පිල සමත්විය. මූලික වටයේ ප්‍රසාද ලකුණුත් සමගින් සුපිරි 8 දෙනාගේ වටයට පිවිසි සී.සී..සී පිල තරග 4 කට සහභාගීවී ඉන් තරග 3 ක් ජයගෙන ඇති අතර එක් තරගයක් පරාජයට පත්වී ඇත.

තරග 4 බැගින් සහභාගිවී ඇති ද්‍රවිඩ සංගම් පිල ප්‍රසාද ලකුණු 46.02 ක් සහ එන්.සී.සී පිල ප්‍රසාද ලකුණු 44.65 ක් ලබාගනිමින් ප්‍රසාද ලකුණු සටහනේ පිළිවෙලින් දෙවැනි සහ තෙවැනි ස්ථාන වල පසුවන්නේය.

පළඟ ශූරතාව සඳහා පැවැත්වෙන තරගාවලියේ පෙරමුණේ පසුවන බි.ආර්.සී පිල ප්‍රසාද ලකුණු 30.14 ක් ලබාගැනීමට සමත්විය. තරග 3 කට සහභාගිවූ බී.ආර්.සී පිල පළමු ඉනිමේ ජයග්‍රහණ 2 ක් හිමිගර ගැනීමට සමත්වී ඇති අතර එක් පළමු ඉනිමේ පරාජයක්ද ඔවුන්ට හිමිවූහ.

 


අදහස් (0)

සී.සී..සී පිල සුපිරි වටයේ පෙරමුණ ගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.