Last Update  :  2025-04-21 20:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket සී.සී.සී. ක්‍රිකට් පුහුණු පාසල් ක්‍රිකට් තරගාවලිය 26 - 27

සී.සී.සී. ක්‍රිකට් පුහුණු පාසල් ක්‍රිකට් තරගාවලිය 26 - 27

editorial - 2020 සැප් මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකාවේ ප්‍රධානතම ක්‍රිකට් පුහුණු පාසලක් වන සී.සී.සී. ක්‍රිකට් පුහුණු පාසලේ 22 වැනි සංවත්සරය වෙනුවෙන් සංවිධානය කරන නිවාසාන්තර ක්‍රිකට් තරගාවලිය සී.සී.සී. ක්‍රීඩාංගණයේදී මේ මස 26 සහ 27 දෙදින පැවැත්වේ.

මෙහිදී එම පුහුණු පාසලේ ක්‍රීඩකයෝ 300 ක් පමණ ශ්‍රීමත් ඩොන් බ්‍රැඞ්මන්, ශ්‍රීමත් ගාෆීල්ඞ් සෝබර්ස්, සචින් තෙන්ඩුල්කාර් සහ මහේල ජයවර්ධන යන නිවාස හතර යටතේ වයස 9 න් පහළ සිට 15 න් පහළ දක්වා සහ වයස 15 න් ඉහළ යන වයස් කාණ්ඩ 7 ක් යටතේ තරග කිරීමට නියමිතය.

ජාතික කණ්ඩායම නියෝජනය කරන ඉදිරි පෙළ පිතිකරු කුසල් මෙන්ඩිස්  තරගාවලියේ ජයසංකේත ප්‍රදානෝත්සවයේ විශේෂ අරාධිතයා ලෙස සහභාගි වීමට නියමිතය. එම පුහුණු පාසලේ පුහුණු අධ්‍යක්‍ෂ ජ්‍යෙෂ්ඨ පුහුණුකරු නෙල්සන් මෙන්ඩිස් මහතාගේ අධීක්‍ෂණයෙන් ප්‍රධාන විධායක නිලධාරී හර්ෂ පීරිස් මහතා ප්‍රමුඛ විධායක කමිටුව තරගාවලිය සංවිධානය කරයි.


අදහස් (0)

සී.සී.සී. ක්‍රිකට් පුහුණු පාසල් ක්‍රිකට් තරගාවලිය 26 - 27

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.