Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබාගැනීමට සී.සී.සී පිල අද (16 වැනිදා) සමත්විය.
පී.සරවනමුත්තු ක්‍රීඩාංගණයේදී පැවැති පළමු අර්ධ අවසන් පූර්ව තරගයේදී රාගම පිලට එරෙහිව ලකුණු 57 ක ජයක් හිමිකර ගැනීමට සී.සී.සී පිල සමත්විය.
අද පැවැති තරගයේදී ලසිත් අබේරත්න අර්ධ ශතකයක් ලබාගනිමින් පිත්තෙන්ද, මාලින්ද පුෂ්පකුමාර ( කඩුලු 4 දවාගනිමින් පන්දුවෙන්ද දස්කම් දැක්වීමට සමත්වූහ.
මේ මස 18 වැනිදා අවසන් පූර්ව තරග එන්.සී.සී ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු යොදා ඇත. සී.සී.සී සහ එස්.එස්.සී කණ්ඩායම් අතර පළමු අවසන් පූර්ව තරගය පැවැත්වෙන අතර යුදහමුදා සහ කුරුණෑගල යොවුන් කණ්ඩායම් අතර දෙවැනි අවසන් පූර්ව තරගය පැවැත්වේ.
අවසන් මහා තරගය මේ මස 20 වැනිදා එස්.එස්.සී ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව ඇත.
සී.සී.සී - ඕවර 20 කදී කඩුලු 5 ක් දැවී 150
(ලසිත් අබේරත්න 54, අශාන් ප්‍රියංජන් 41, අමිල අපෝන්සු 16/2, බිනුර ප්‍රනාන්දු 29/2)
රාගම - ඕවර 17 කදී සියලුදෙනා දැවී 93
(නිශාන් මදුෂ්ක 24, ජනිත් ලියනගේ 29, මාලින්ද පුෂ්පකුමාර 20/4, අශාන් ප්‍රියංජන් 16/2, නුවන් තුශාර 15/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.