Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අන්තර් සමාජ පළමු පෙළ ලීග් ක්‍රිකට් තරගාවලියේ ‘ඒ’ ශ්‍රේණිය යටතේ පැවැත්වෙන සුපිරි 8 වටයේ පෙරමුණ තවදුරටත් රැකගැනීමට ප්‍රසාද ලකුණු 78.45 ක් ලබාගත් සී.සී.සී පිල සමත්විය.
මෙම තරගාවලිය පුරාම අපරාජිතව සිටි සී.සී.සී පිල පළමු වරට සැරසන්ස් පිල හමුවේ පළමු ඉනිමේ පරාජයකට ලක්විය.
සී.සී.සී පිලට තර්ජනයක් වෙමින් ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානයේ පසුවන එන්.සී.සී පිලද පසුගිය සති අන්තයේදී බී.ආර්.සී පිල හමුවේ පළමු ඉනිමේ පරාජයකට ලක්විය. ඒ හේතුවෙන් සී.සී.සී පිලේ ප්‍රසාද ලකුණු සංඛ්‍යාව ආසන්නයට පැමිණීමට එන්.සී.සී පිලට තිබූ අවස්ථාව ඔවුන්ගෙන් ගිලිහි ගියහ.
ගෙවීගිය සති අන්තයේදී යුදහමුදා පිලට එරෙහිව ලකුණු 45 ක් ජයක් හිමිකර ගත් හලාවත මේරියන්ස් පිලත්, කෝල්ට්ස් පිලට එරෙහිව ලකුණු 102 ක ජයක් හිමිකර ගත් රාගම පිලත් ප්‍රසාද ලකුණු සටහනේ ඉදිරියට පැමිණීමට සමත්වූහ.
පළඟ ශූරතාවලියේ තරග 3 ක් ඊයේ (18 වැනිදා) අවසන්වූ අතර එහිදී වාර්තාවූ එකම ජයග්‍රහණය මූවර්ස් කණ්ඩායමෙන් වාර්තා විය. ද්‍රවිඩ සංගම් පිලට එරෙහිව ලබාගත් එම ජයග්‍රහණයත් සමගින් ප්‍රසාද ලකුණු 48.89ක් හිමිකරගත් මූවර්ස් පිල ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට සමත්විය.
එස්.එස්.සී පිලට එරෙහිව ලන්කන් පිලත්, බදුරලිය පිලට එරෙහිව මීගමුව පිලත් පළමු ඉනිමේ ජයග්‍රහණ හිමිකර ගැනීමට ඊයේ සමත්විය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.